දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
අද උදේ මම ඇහැරෙනකොටත් ඇල්බානම් සීතලට ගුලි වෙලා හොදටම නිදි...
එයාගෙ මූණ ලග තිබුන මගෙ කකුල මම හිමීට අරන් කාමරෙන් එළියට ආවා...මිදුලට ගිහින් හීතලේ ගැහි ගැගි වට පිට බලනකොට
අවුරුදු 07ක 08ක විතර පොඩි ළමයි ටිකක්
ගෙට ඉස්සරහා පාර දිගේ බයිසිකල් පදිනවා...
එක කොල්ලෙක්ගෙ අතේ භාගෙට මිදුන එළකිරි බෝතලේකුත් තිබුනා...මමත් ගිහින් පොඩි උන් එක්ක ටිකක් කතා කරහම උන් මාත් එක්ක හොදට ෆිට් උනා...
එළකිරි බෝතලේ අතේ තිබුන පොඩි කොල්ලාගෙ ගෙදර ඊයෙ හරක් පැටියෙක් දාලාලු...
දැන් ඉතින් මට ඒ පැටියව බලනකම් පුපේ අමාරුව හොද වෙන් නෑ...බලන්න ආසයි කියලා කිවුවහම
පොඩි කොල්ලො සෙට් එක මාව එක්කන් ගියා පැටියාව පෙන්නන්න...
ඌ ගඩොල් රතු පාටයි....
අම්මාගෙ තන් බුරුල්ලට ඇන ඇන චප චප ගගා කිරි බොනවා...
චුට්ටක් බීලා ආපහු අනිනවා...
ආපහු බොනවා...
ටික වෙලාවක් එහාට මෙහාට ගිහින් ආපහු හොම්බෙන් ඇන ඇන කිරි බොනවා...මේ ඔක්කොම කරදර නොදැනුනා සේ ඉවසගෙන එළදෙන කිරි දෙනවා...
ඒ අනින විදියට නොරිදි තියෙන්න විදියක් නෑ...
කිරි එරුණු තණ පුඩුවකට අනිනකොට
ඒ දැනෙන වේදනාව ගැන දන්නෙ
තවත් අම්මා කෙනෙක්ම විතරයි...
අම්මලා දරුවොත් එක්ක කේන්ති ගන්නෙ නෑ...
ආත්මය තිරිසන් උනත් මේ ඉන්නෙත් අම්මා කෙනෙක්...තමන්ගෙ පැටියා වෙනුවෙන්
එරුණ කිරි ටික තව මනුස්සයෙකුගෙ
කුස පුරවන්න සල්ලි වලට හූරද්දිත්
ඉවසන් බලන් ඉන්න අම්මාට
තමන්ගෙ පැටියා වෙනුවෙන්
ආපහු කිරි එරෙනවා...ඇගේ තියෙන ලේ කිරි වලට හැරෙනන්න තරම් ඒ සෙනෙහස ප්‍රබලයී...
ඒ සසෙනෙහසට දිග පළල මැනලා කියන්න අදටත් කාටවත් බෑ...
අම්මා කෙනෙක්ගේ ආදරයට සමාන
කරන්න වස්තුවක් මේ ලෝකෙ
තවම පහල වෙලා නෑ...මම චූටි හරක් පැටියා දිහා බලන් ගොඩාක් දේවල් හිතුවා...
ඒ ගෙදර තව එළදෙන්නු ගොඩක් ඉන්නවා...
ගේ ඉස්සරහම තියෙන්නේ එළවළු පාත්ති...
ගෝවා පත්ති
කැරට් පාත්ති
ලීක්ස් පාත්ති...
ඒවා වටේට සලාද පැල හිටවලා ඈතට හරියට කේක් එකක්
අයිසින් කරලා වගේ හරිම ලස්සනයි...