දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
උදේ 10:00 විතර වෙනකොට ඉර එළිය වැටිලා බලන බලන හැමතැනම ලස්සනයි...
අපි හතර දෙනාම පන්සල් ගියා...
පන්සල තියෙන්නේ කදු ගැට්ටක...
පහල බලනකොට කෝච්චි පාර ලස්සනට පේනවා..අපි අත් අල්ලගෙන කෝච්චි පාරෙ ඇවිද්දා...
අපි ගොඩක් තැන් වල ඇවිද්දා...
මමත් පොඩි එකෙක් වගේ එයගෙ අතේ එල්ලිලා ගියා...මම කොච්චර නසරාණි වැඩ කලත්
එයා ළගදි මට හුරතල් වෙන්නමයි හිතෙන්නෙ...
එතකොට එයත් මාව හුරතල් කරනවානෙ
එයා මාව හුරතල් කරනවට මම ආසයි...අපි කදු නැග්ගා...
මට නැගගන්න බැරුව හති අරිද්දි
එයා මාව ලුණු ගෙනියනවා වගේ
පිටේ තියාගෙන ගියා...
මීදුමත් එක්ක ඉර එළිය ලාවට වැටිලා
හරිම ලස්සනයි...
එයා ලග හිටපු නිසාද මන්දා
මට හැමදේම ලස්සනට පෙනුනා...ෆයින් කොළ වැටිලා පාපිස්සක් වගේ තියෙන පාළු වනන්තර ඇතුලෙ
අපි කෑගගහා දිවුවා...
එයා මාව අල්ලන්න දුවනවා...
මාව අල්ලගත්තාහම
එයා මාව වඩාගෙන වට දෙක තුනක් කැරකුනා...
ෆයින් කොළ ලිස්සනවා...
එයා මාව වඩාගෙන කැරකෙන කොට
දෙන්නාවම ලිස්සලා ගිහින් වැටුනා...
අපි හයියෙන් හිනා උනා...
ගොඩ දවසකට පස්සෙ කදුළු එනකම්ම හිනා උනා...අපි බිම වැතිරිලා ෆයින් ගස් අස්සෙන් පේන අහස දිහා බලන් ඉදියා...
එයා මගෙ අත අරන් උඩට උස්සලා අහසයි මගෙ අතයි පේන විදියට තියලා
මගෙ අත එයා අල්ලගත්තා....
ඊටපස්සෙ එයාගෙ phone එක අරන් අපි දෙන්නාගෙම අත් අහසත් එක්ක පේන විදියට Photo එකක් ගත්තා...
මම ඒ photo එකට ආසයී...
මට ඒක දකිනකොට ආදරේ හිතෙනවා...