15- අලුත් ආරම්භයක් 🦋

950 182 99
                                    

My Unconditional LoVe.....
.
.
.
.
.

මම ඇස් අරිනකොටත් මගේ සංකු බෝලේ ලඟ හිටියේ නෑ.. ඒත් කුස්සිය පැත්තෙන් කපන කොටන සද්දක් ඇහුණ නිසා මට හිනා ගියා...
හස්බන්ඩ් කෙනෙක්ට ගිය කලක්...
ඒත් ආදරේ නම් ගෙදර වැඩවලදි මේක වයිෆ් කරන්න ඕනි මේක හස්බන්ඩ් කරන්න ඕනි කියලා දෙයක් නෑ.. බෙදා හදාගැනීම එක වහලක් යට ඉන්නවනම් ගොඩක් වැදගත් දෙයක්. ඒ වගේම එකිනෙකාගේ සිතැඟි තේරුම් අරන් එකිනෙකාට උදව් කරගන්න එකත් ගොඩක් වැදගත්..

මම පණ්ඩිත මොළෙන් ඒවගේ ඒවා හිත හිත පහලට යන්න හැදුවේ එයාට උදව්වක් දෙන්න...

"ආ.............හ්.............."

මම යන්තමට හැරුණේ...
ඔය කොරලා තියෙන්නේ මගේ සංකුගේ හපන්කම් තමා මේ ඉතින්...

" හැපූ...."

මම සිවිලිම දිහා බලාගෙන හිටියා.. කොයිවෙලේ හරි උයන ගමන් මම මලාදවත් බලන්න එන්න එපැයි...
මගේ පස්ස නිකන් තලලා දාලා වගේ.. අයිස්වත් තියන්න වෙයිද දන්නෑ...
මට හිනාවකුත් ගියා..
මටත් ඉන්න බෑනේ. එයාව අවුස්සලා දැන් මම කෙදිරිගානවා..
ඒත් මම ඊයේ දවසට ගොඩක් ආසයි...
මගේ ජීවිතේ තිබ්බ හොදම උපන්දිනය ඒක...
මම ඇගිලි ටිකෙන් පියානෝ ගහනවා වගේ මගේ බඩ ගෙඩියට තට්ටු කර කර මනෝපාරක් ගහන් හිටියා...
චූ බරකුත් ලෝඩ් වෙලා....
කොහේ යන්නද මා.........................
තවනම් ඉවසන්න බෑ.....
මම පුළුවන් තරම් ගැම්මක් කටට ගත්තා.....

" සංකූ.................................සංකුයා..................සංකෝ.............සංකු බෝලේ.............."

එයා හැන්දත් අතේ තියාගෙන සරමත් දෙපොට ගහගෙන දුවගෙන ආවා. ශර්ට් එකකුත් නෑ...

" ප්..හු..............හ්හ්හ්හ්හ්හ්හ්හාහ්හා "

මට බඩ අල්ලගෙන හිනා ගියේ කවදාවත් එයාව මම ඒ වගේ දැකලා නැති නිසා....
අනේ අම්මපා ලංකාවේ නම ගිය ලෝයර් කෙනෙක් නේද මේ පොල්කටු හැන්දක් අතේ තියන් ඇස් දෙකත් ලොකුකරන් ඉන්නේ.....
එයා අන්දුන්කුන්දුන් වෙලා වගේ මගේ හිනාවට....

" මොකද බබා මේ කෑගහන්නේ.. මම හොදටම බය වුනා...."

එව්ත් එක්කම මට ආවේ කර ගදක්.. එය පිම්මේ දිව්වේ දෙපොට ගහගෙන හිටිය සරම මැද පොට කැඩිලා යද්දී. එයා එක අතකින් පහතට වැටුණු පොට උස්සගෙන දිව්වා....
මට තවත් හිනා....
චූ බරත් අමතකම වෙලා ගියා...
එයා ගියා විතරයි ඔන්න ආයේ මට තදියම් උනා..

🔞My Unconditional Love[NoN-FF]✔️🔚Where stories live. Discover now