Part 18 👨‍❤️‍👨

721 131 40
                                    

දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
ආපහු ඉතින් උදේම නැගිටින්න තියෙන්නේ...
නිවාඩුවත් ඉවරයී...
පිස්සු කෙළලාත් ඉවරයී...
ඇල්බා හිටියෙ නැත්නම්
ඉස්කෝලෙ යනවා කියන එකත්
අමුම අමුවහක්...
ඔක්කොමත් හොදයි උදෙන්ම නැගිටින එකනෙ එපා වෙන්නෙ...

සැප්තැම්බර් සාහිත්‍යය මාසෙ...
Art එකට හරි හරි වැඩ වැටෙන කාලේ...
සාහිත්‍යය උත්සවයට අපි කාර්යබහුල උනා...
මගෙයි ඇල්බාගෙයි සිංදුවක් event එකක් විදියට දාලා තිබුනා...
අපි දෙන්නාම එකම වගේ ඇදුම් ඇදලා
ඇල්බා සිංදුව කියනකොට
මම ගිටාර් එක play කලා...
හැමෝගෙන්ම හොදම ප්‍රතිචාර අපි දෙන්නාට...

*******

ඔය ඔක්කොම අස්සෙ සැන්ටලාගෙ love එක ඉස්කෝලෙට මාට්ටු උනා...
සැන්ටාවනම් සැන්ටාගෙ අම්මලා ගමට අරන් ගියා...
රෝසාගෙ පන්ති තහනම් කාල සිමාව
ඉවර උනත් මාස ගානක්
ඉස්කෝලෙ නෑවිත් ඉන්නකොට
අපි දෙන්නාත් එක්ක එකතු වෙලා
ආපහු ඉස්කෝලෙට ගෙන්න ගත්තා...
ඒ ප්‍රශ්න වලින් පස්සෙ අපි දෙන්නා
ගොඩාක් පරිස්සම් උනා...
හරියට කිරි හොද්දක් හැදිගානවා වගේ පරිස්සමෙන් අපි ආදරෙ කලේ...

*******

A/L exam එක ළංවෙනකම්ම අපි කාලයත් එක්ක ඉබ්බාගෙයි හාවාගෙයි රේස් එක දිවුවා....
කාලය හරියට ඉබ්බෙක් වගේ හෙමින් එනවා වගේ පෙනුනාට ඌ තමයි ඉබ්බා වගේ දිනන්නෙ...
ඒක නිසා අපි ස්ථාන මාරුවක් දා ගත්තා...
කාලයට හාවෙක් වගේ
වේගෙන් දුවන්න දීලා
අපි ඉබ්බෙක් වගේ හෙමින් එදිනෙදා වැඩ එදිනෙදාම කලා...
ඒ අතර ආදරෙත් කලා...
අවුරුදු දෙකක් අපිටත් නොදැනි හිමි හිමින් ගෙවිලා ගියා...

*******

අද A/L පංතියෙ අපි හැමෝම එකට ඉන්න අවසාන දවස...
කොයි තරම් බදාගෙන වැලපුනත්
ටික කාලයක් යනකොට යාළුකම් අමතකයී...
පාර්ටි දාලා කාලා බීලා අඩලා දොඩලා
ඒ පරිච්ඡේදයත් අවසන්...

ඇල්බයි මායී අද කංජපානිගෙන් ඉදියාප්පත් කෑවා...
ලෙංචිනාගෙ අයිස්කිරීම්නම්
ඕනම දවසක කන්න පුලුවන්...
ඒක නිසා බඩේ රැලි දිග ඇරලා
කංජපානිගෙ ඉදියාප්ප කෑවා...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now