දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
අද උදේ ඇහැරිලා බලනකොට ඉර එළියත් වැටිලා...
බොහොම අමාරුවෙන් වටේම
අත පත ගාලා හොයලා හොයලා
Phone එකත් හොයාගෙන
වෙලාව බැලුවහම
දහයහමාරත් පහු වෙලා..වෙනදට උදෙන්ම මාව ඇහැරවන්න එන ඇල්බාත් අද නෑ...
MSG එකක්වත් නෑ...
බඩත් ලෙසටම කුරු කුරු ගානවා...
ඌව සේප් කරගෙන ඉන්න එපැයි ඔක්කොටම කලින්...පහලට ගිහින් fridge එකේ තිබුන
fresh milk එක අරන් කුණු කෙල පිටින්ම කටේ ගහගත්තා...බ්‍රෑහ්හ්හ්...
බඩේ තිබ්බ හුලං ගුඩුස් එකෙන් එළියට ආවහම මල අප්පිරියයි...
Cool එකටයි කිරි වල බරටයි බඩගින්න ශේප් වෙලා ගියා...
කට සෙවලයි වගේ...
දත කට මැදගෙන මූණ හෝදගෙන
ඉවර වෙලා
ඇල්බාට cl එකක් අරන් බැලුවෙ
කවදාවත් නැතුව මේ යකාට
මක් උනාද කියලා බලන්න...
ඇල්බා මාව ඇහැරවන්න නාවත්
එයා කවදාවත් මගෙ කෑම එක අමතක කරන්නෙ නෑ...Phone එක rings යනවා විතරයි..
No answer...
මට තරහයී....
හොදටම තරහයී...
උදේ ඇහැරෙනකොටම ඒ මූණ දකින්න නැති උන එකට දුකයී...මමත් යන් නෑ හොයාගෙන...
මුරණ්ඩු කමට බඩගින්නෙම
TV එකේ channel එකින් එකට මාරු කර කර බල බල මාත් හිටියා...
මුරණ්ඩුකමට වඩා බඩගින්න ලොකුයී...
තවත්නම් ඉවසන් ඉන්න බෑහ්...මන් ඇල්බලාගෙ ගෙදරට යනකොට
අප්පච්ච්ගෙ කාර් එක ගේ ඉස්සරහාම නවත්තලා තිබුනා...
ගේ ඇතුලෙන් ලොකුවට කතා බහක් ඇහුනත් වචන පැහැදිලි නෑ...
ගේ කිට්ටුවට යන්න යන්න ඒ කටහඩවල් අදුරගන්න
මට අමාරු උනේ නෑ...
ඇල්බා මොකටද අප්පච්චි එක්ක රණ්ඩු වෙන්නෙ...
ඉස්සරහට තියපු අඩිය එතනම ගල් උනේ ඊළඟට කියපු වචන ටික ඇහුනහම...ඇයී යන්න බැරී...
ඔච්චරටම යන්න බෑ කියන හේතුව මොකද්ද??අප්පච්චිගෙ කටහඩින් කියතෑකි
දැන්නම් හොදටම කේන්ති ගිහින්
ඉන්නෙ කියලා...අප්පච්චී මට යන්න බෑ කියලා කියන්නෙ යන්නබැරි නිසා...
මම කැමති නෑ...""