20- රැඟිල්ලේ අවසානය 🦋

1K 168 84
                                    

My Unconditional LoVe 🦋
.
.
.
.
.
.
.
" මචං එහෙනම් මම යන්නම්.. උදේට කම්ප්ලේන් එක දාපන් ඇවිත්. "

" හරි. එල තෑන්ක්ස් මචං මේ රෑ ආවට..."

" අනේ තෝ ආයේ ඔය මගුල කිව්වොත් කිසි දේකට මං ආයේ එන්නෑ හොදේ.."

"හපෝ හරි හරි බන් රෙද්ද.. දැන් පලයං..."

" ගුඩ් නයිට් බන්.. "

" ගුඩ් නයිට්..."

"ඕකුන් එකෙක්ටවත් මම යහතින් ඉන්න දෙන්නෑ...බලමුකො දේපලයි ළමයිනුයි මගෙන් ගන්න හැටි.. මම දෙන්න හිටියේ. උඹමයි බන් ඔක්කොම වරද්ද ගත්තේ.. දැන් බලමුකො. "

මම ටවල් එකත් අරන් bathroom එකට ගියා..නානගමන් මං කල්පනා කරේත් දේවල් පිළිවෙලකට කරන හැටි.
නාලා ඉවර වෙද්දී මම මගේ ප්ලෑන් එක හිතලා ඉවරයි.

සරමකුත් ඇදගෙන මම ඇද ලගට යද්දි මගේ මැණික කෙදිරි ගානවා...
දාඩියත් දාලා...
මාව රත් වුනා.. මම හිමීට පිට අත්ල තියලා බැලුවම හොදටෝම උන...

" මැණික...බබා... අනේ..."

මම ඉක්මනින් කුස්සියට දුවලා වතුර බාජනේකුයි ටවල් එකකුයි ගත්තා..
අරන් ඒක පොගවලා මගේ කොල්ලගේ බෙල්ල වටේ මූන අල්ල යටි පතුල් තෙමුවා..
පස්සේ කොලොන් එක අරන් ගෝස් කෑල්ලක් පොගවලා නලලට තිබ්බා..
තියලා ඒ සිනිදු කෙස් අතරේ මගේ අත අරගෙන ගියා..
දැන් නම් කෙදිරිය ටිකක් අඩුවෙලා ගියා....

උදේ මං ඇහැරුනේ කවුරුහරි මගේ ඔලුව අතගානවා වගේ දැනුනු නිසයි..

" බබී ගුඩ් මෝනින්.. "

මම ඉක්මනින් නැගිටලා එයාගේ නලලට බෙල්ලට අත තියලා බැලුවා...

" අම්බෝ දැන් නම් උන නෑ. මං බය වුනා..."

" අනේ සංකු ඉතින් ඇදට එන්න එපැයි. පුටුවේ නිදාගත්තේ ඇයි අනේ..."

එයාගේ ඇස් කඳුළින් පිරෙන්න ගත්තා....

" අනේ මැණික ඉතින් ඔය අත පාරගත්තනම් මාත් ඇදට නැගලා.. කෝ ඉතින් දැන් තව ටිකක් නිදාගන්නකො. තාම 6.00 යි.. ""

මම කාමරේ කෙලවර බිත්තියේ එල්ලලා තිබ්බ ඔරලෝසුව දිහා බලාගෙන කිව්වා.

" හාම්... "

""මම කිරි එකක් හදාගෙන එන්නම්. උදේටත් මොනා හරි කමු. අපි බෙහෙත් බොන්නත් ඕනිනේ. හවසට ආයේ ඩොක්ට ලගට යමු. උනත් ගත්තනේ.""

🔞My Unconditional Love[NoN-FF]✔️🔚Where stories live. Discover now