මිද්දාගේ ජන්ම දිනේ

164 35 20
                                    


ප්‍රබන්ධයක් විලසින් පැමිණියා ඔබ

මගේ දිවියට...

හදවතටම බැදුනෙමි

ස්පර්ශයක් නොමැතිවම...

නොදනී මන්දැයි කාරණා කියා 

ඔබේ ඔය ශීත හද කෙරෙහිම 

මා සිත ආලයෙන් ගැහුමට...

මිරිගුවක් මුත් ඔබ 

පෙම් කරන්නෙමි

මගේමයි යැයි සිතා...

ඔබ නොඑනා බව දැන දැනත්

එමොහොතට මා හද රිදුමින්

බර වුවත්....

අයිතියක් නැතත් ඔබ

ආලය කරමි ඔබ හට

මා හද හැගෙන තෙක්ම....

සිහිනයකි ඔබ 

හරිම පුදුමයි

පියෙන නෙතු ළග

සිනහ රන්දන

සැබෑවක් නොවූවත්

නෙතු ඇහැරුනු කළ

මිරිගුවක් ලෙස හැගුනත්

සිතම පිරෙයි ඔබේ ඔය

ආඩම්බරකමින්....

විටෙම හැගෙයි ඔබ 

සංසාර හුරුවක් ලෙසට...

හදවතට දැනෙන ආදරේ 

පවසා ගත නොහැකිව

රිදුමින් හඩයි 

සීසීකඩ විසිරී මා සිත...

හිත පාලුවෙන් පිරෙද්දි

නෙත් කදුලින් තෙමෙද්දි

හද වේදනා විදිද්දී

ඔබේ මතකය 

දිව්‍ය ඔසුවකි මා හට....

ලෝකයේ තියෙන ලස්සන 

බැදීම් අතරේ....

ලස්සනම පිවිතුරුම 

බැදීමකි මෙයත්.....

ස්පර්ශයක් නොලදම,

රූපය මවාගෙන,

හඩ මවාගෙන,

ප්‍රබන්ධයකට ජීවයක් ලබාදෙමින්

හදෙහි තබා ගනිමින් ආලය කිරීමත්...

කොතෙකුත් බලා සිටියත්

එපා නොවන භාවනාවකි ඔබ

විටෙක ඔසුවකි ආත්මයම සුව කරන

නොසැලෙන වීරිය

විහිදෙන තේජස

ගැන මෙහද රිද්මය

නවතියි ඔබ අසලදි

මටම නොදැනෙන ලෙස....

ඔබ නිසා මා ඇට්ටේරියා හට ප්‍රිය වුනි...

දෙළුම් වලටද ප්‍රිය වුනි...

දොඩම්හි පැගිරි නොගෑවෙන ලෙස

වෙන් කෙරුමටද

ඉගෙන ගති ඔබෙන්....

ඔබට ලෙසම හැකරැල්ලන් 

මාගේද මිතුරන් වී හමාරයි...

ඔබ මෙන්ම ප්‍රියතමයන්ට 

වදන් නොපවසා 

මහමෙරක් ආලය කරමි....

මා නාථ කුමරුණි...

අද ඔබේ ජන්ම දිනයයි...

කාලයක් ඔබ ජන්ම දින සැමරුවෙ නැති වග

මා මතකයේ වේ....

නමුදු දැන් ඔබට හැකියි 

අප සැවොම හා එය සැමරීමට...

සිටින්නෙමි ඔබ හා මා දිවි ඇති තුරා... 

අත් හැරින්නේ නැත කිසි දිනෙක...

සුභම සුභ ජන්ම දිනක් වේවා මිදුනාථ කුමරුණි..!

                                ~ මිද්දා ~ 

TaeDilki

මිද්දාට විෂ් කරලා මුලින්ම මේක දාන්න කිව්වානේ හිකිස්

ඔන්න අග්නි පාඨිකාවනි.. අද මිද්දාගේ ජන්ම දිනේ වගේම , සුලෝනාථ වෙඩින් ඇන්වසරි එක.... බුහාහාහා.... කොහොම ද ඒකහ්.. ඩොං...
පටෝං.

* විෂ් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.. තාම කොන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා ඉන්නේ.. මැසේජ් එන වේගේටවත් මගේ මොලේ වැඩ නෑ,.... වචන කටින් පැනීම 0යි...

බර්ත්ඩේ එක වෙනුවෙන් ඔෆර් එකක් දෙනවා.. ඔයාලා ඕන කෙනෙක්ට මගේන් කැමති ප්‍රශ්නයක් අහන්න පුළුවන්.. මං සිරාම උත්තරය දෙනවා..

හරි තව කවි ලැබුන ඒවා දාන්නම්.. මිද්දාට ලැබුන ඒවා හරි ...

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now