Part 22 👨‍❤️‍👨

614 131 90
                                    

දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
.
බූහ්හ්හ්හ්හාආ...""

මේ මල පාන්දර මොකද්ද යකෝ ඒ කඩන් වැටුනෙ...
කන ගාවින් ඇහිච්ච සද්දෙ
මහ සෝනාගෙද රීරි යකාගෙද කියලා හිතාගන්න බැරුව
බය වෙලා ඇහැරිච්ච පාර මට කෑ ගහගන්නත් අමතක උනා...

අම්මම්මෝ මේ මොකද මේ...
වෙරළට ගොඩගහපු තල්මහෙක් බලන්න වගේ
මේ කට්ටිය මගෙ ඇද වටේට වට වෙලා මක් කරනවද??
මයි නෙම් ඊස් උන්ගා...
යූ නේම් ඊස් බුන්ගා...

අපෙ අම්මලා, ඇල්බාගෙ අම්මලා, අපේ බාප්ප එක්ක පුංචිත් ඇවිල්ලා,
අයියලා දෙන්නත් ඇවිල්ලා...

මුළු සේරම මගෙ ඇද වටේට හිටගෙන
මගෙ දිහාවෙම බලන් ඉන්නවා...
මම බෙල්ල පාත් කරලා මගෙ ඇග දිහා බැලුවෙ බැරිවෙලාවත් හෙලුවෙන් ඉන්නවද කියලා බලන්න...

වට පිට බැලලා මම හෙවුවෙ ඇල්බාව...
ඇල්බා නෑ...
මගෙ වටේට කොට්ට ටිකක් තියලා මේකා මාරු වෙලා...
ඔය භූතයාට ඇල්බා කියලා නෙවෙයි කැස්පර් කියලා දාන්න තිබුනෙ...
කොයි වෙලේ බැලුවත් අතුරුදහන්...
මාව මෙතන ප්‍රදර්ශන භාන්ඩයක් වෙලා ඉන්න වෙලාවෙ මේකා නෑ...

එතකොටම අලි කේක් ගෙඩියකුත් උස්සගෙන ඇල්බා දොර ගාවින් මතු උනා...

Happy Birthday To You...
Happy Birthday To You...
Happy Birthday Nowty Bayby...
Happy Birthday To You.....""

පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න...
අද මගෙ උපන්දිනේද??
එතකොට අද November 21ද??
උපන්දිනේ තියෙන දවස අමතක වෙලා
තමන්ගෙ උපන්දිනේ දවසට මෙහෙම කන්ෆියුස් වෙන එකම එකා මම විතරද කොහෙද???

Happy Birthday මල්ලි....""

ඒ අයියලා දෙන්නා...
බාප්පාගෙ පුතාලා දෙන්නා...

Happy Birthday මගෙ නෝටි කොල්ලෝ...""

ඒ අපේ බාප්පා...
එයා මට පොඩි කාලෙ ඉදන්ම ආදරෙයී...

Happy Birthday පුතේ...""

ඒ මගෙ සූටි කෙල්ල...
පුංචා...
එයා මගෙ හොදම යාළුවෙක් වගේ මාත් එක්ක හිතවත්...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now