•සයවන මිනිසා*

186 54 8
                                    

එකල පරිසරය ආලෝකමත් ය,සැහැල්ලු ය ,මා වැනිය.

නව අවුරුද්දක
පාසල් වාරය පටන් ගත්තා පමණි.

_______

දින කිහිපයකට පසු
පාසල් පුස්තකාලයට වී නිදහසේ පොතක් කියවමින් සිටිනා විට,
මිතුරියගේ ආයාචනය නිසා
මා පොතද පුටුව මතින් තබා
ඈට සහය වීම පිණිස නැගිට ගියා මතකය.

නමුත් ඇය හා නැවත එතැනට පැමිණෙන විට
මගේ අසුනේ වෙන කොල්ලෙක් ය.
මා කියවමින් සිටි පොත අතුරුදහන්ය.
_________

ඒ කොල්ලා ඇත් දළ පැහැතිය.
දෙතොල් රෝසම රෝස ජම්බු ගෙඩි වල පාටය.
ඇහිබැම ඝනය.නපුරුය.
ඊට යටින් ඇති බැල්ම ඊටත් වඩා රෞද්‍රය.

එහෙත් මා,මාය.
මුරණ්ඩුය.කට වසාගෙන වෙනතකට යන්නියක් නොවීය.
ඔහුට නැගිටින ලෙස,ඔරවාගෙන කිවුවේ ඒ නිසාය.

එහෙත් නැගිටිනවා වෙනුවට
ඔහු කළේ මට බැනවැදීමය.

කිසි දිනක කොල්ලෙකුගෙන් නොසරුප් වදන් ඇසීමට,
ඔවුන්ට මා ඒ වචන පවසා නැත.

මක්නිසාද,
මා එවදන් වලට අකමැතිය.
ඒවා පැවසීමට මෙන්ම ඇසීමටද අප්‍රසන්නය.

ඒ නිසා ඒවා භාවිතා නොකළ මට,
ඒවා භාවිතා කරන්නන් හා ගනුදෙනුවක් තිබුනේම නැත.
___________

නමුත්,
ඔහුගේ කටින් මට නොසරුප් වදන් අසන්නට සිදු වුනා
මතකය.

ඔහුගේ එහා පස සිටි
මගේද පැරණි මිතුරකු වූ ඔහුගේ සගයා,
ඔහුට එලෙස නොකරන ලෙසත්
මා එවැනි වදන් වලට අකමැති බවත්
පැවසූ විට ඔහු නිහඬ වූවේ
පැටලිලි සහගත බැල්මකින් ය.

එහෙත් මා ඔහුට ඔරවමින්,බැනවදිමින්,
නැවත ඔහුගේ මුහුණ නොදකින්නට ප්‍රාර්තනා කරමින්
මිතුරිය සමඟින් ඉවතට ගියේ කේන්තියෙන්‍ ය.

කාලච්ජේදයෙ ඉතිරිය,
ඔහු මා දෙස බැලීමට වැය කරන බව
මට වැටහුනද මගේ කේන්තියේ
නිමාවක් නොවීය.

කේන්තිය එහෙමය,
හරි නොසණ්ඩාල ය.
_____

දිනයේ අවසානයේ
මගේ මනසේ ඔහු ගැන යමක් වූවානම්,

වදන් නිසා ඇති වූ කේන්තියත්
ඔහුගේ දෙතොල් පිළිබඳව යම් කුකුසකුත්
පමණක් විය.
_________

එලෙස මුණ ගැහුනු ඔහු,
පසු දිනක මා අසලටම පැමිණ සමාවගන්නට තරම්
නිහතමානී අයෙකු වීම
මා පුදුමකරවී ය.

මිතුරන් මාර්ගයෙන් හෝ දුරකථනයෙන් තොරව,
මා ඉදිරියටම පැමිණ
ඔහුගේ හැඟීම් ප්‍රකාශ කළ
පළමු තැනැත්තා
ඔහුය.

ඒ ශක්තිමත් පියවරට
මා කැමතිය.
________

ඔහු දඩබ්බරය.නිදහස්ය.කලබලකාරීය.

පාපන්දු හා ජ්‍යාමිතිය හැරුනු විට
ඔහු උනන්දුවක් දක්වන එකම දෙය
මා පමණක් යැයි
ඔහුගේ මිතුරන් විහිළු කලා මට මතකය.

නමුත් ඔහු,
ආදරය යැයි ඔහු සිතූ හැඟීම ඉදිරියේ
අවංකය.
සිතේ ඇති දෙය නොසඟවා ප්‍රකාශ කරන්නෙක් ය.

එය
මා ඔහුගේ රෝස දෙතොලට පසු
ප්‍රිය කලාවූ
එකම ගති ලක්ෂණය වීය.
______

නමුදු,
ඔහු සිතූ ඒ ආදරය යන හැඟීම
මා අපේක්ශා කළ හැඟීම නොවීය.

ඉදින් ඔහුද
මා හදින්
ප්‍රතික්ෂේපය.

ᴛ ʜ ᴇ  1 1 ᵗʰ ᴍ ᴀ ɴ | ✔Where stories live. Discover now