Part 24 👨‍❤️‍👨

607 129 52
                                    

දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
අපි හතර දෙනා එක්ක එකතු වෙලා
අද උදේ ඉදන් මුළු ගේම කණපිට ගැහුවා...
කම්මලේ වැඩ කරනවා වගේ කුස්සියේ එකම ගාලගෝට්ටියයී...
අපි හතර දෙනාම එක්ක එකතු වෙලා mix rice එකක් හැදන්න යන්නෙ...

අපි තුන් දෙනාට ඇල්බා භාර දුන්නෙ චිකන් ඩෙවල් එකට කුකුල් මස් කපන්න...
අපි කුකුලාව කපන්න ගිහින් උට දීපු වද කන්දරාවෙ හැටියට
කුකුලා මැරෙන්නවත් එච්චර දුකක් විදින්න නැතුව ඇති කියලා හිතුනා...
තුන් දෙනෙක් එක්ක අල්ලන් ඌට වද දෙනකොට බෙල්ල නැති කුකුලාට
උනත් පණ එපා කියලා දුවන්න හිතෙන්න ඇති...
ඌට කතා කරන්න පුලුවන් උනානම් හොදවෑන් කුණුහැලප වැලක් අහගන්න තිබුනා...

කුකුලාව නිදි කරලා තිබුන එළවලු කපන ලෑල්ල රෝසා හෙලවෙන්නෙ නැතිවෙන්න අත් දෙකෙන්ම අල්ලගෙන හිටියා...
ලොකුවා කුකුලාගෙ කැපෙන්න ඕන තැන ගානට ඒම් කරලා පිහිය අල්ලගෙන හිටියා...
මට තමයි භාරදූරම කර්තව්‍ය කරන්න තිබුනේ...
පිහියට මිටියෙන් තඩිබාන එක...
මම කලේ ලොකුවා අල්ලන් හිටපු පිහියට ටෝල් ටෝල් ගාලා මිටියෙන් ගහපු එක...

සමහර කෑලි වලින් ක්‍රීම් වගේ හම එළියටත් ඇවිල්ලා...
අන්තිමට බෝම්බයක් බැදගෙන ඇවිල්ලා පුපුරෝගෙන මැරිච්ච කුකුලෙක් වගේ
තැලිලා පොඩි වෙච්ච කුකුල් කෑලි ටිකකින් කොහොම හරි චිකන් ඩෙවල් එකක් හදාගත්තා...
හතර දෙනා එක්ක එකතු වෙලා කොහොම හරි දන්න සිල්ප සේරම දාලා rice එක ගොඩ දා ගත්තා...

වනසලා කාලා බීලා ඉවර වෙලා
ලොකුවයි රෝසායී game ගහන්න වාඩි උනා...
මටනම් හක්ක පයින සයිස් එකේ පත ඈනුමක් ගියා...
කාපු වෙලේ ඉදන් මට නිදි මතයී...
මහන්සී නිදිත් මතයී...
කුලු ගෙඩියකින් ගල් තඩියකට ගහනවා වගේ
කුකුලෙකුට තඩි බාලා තඩි බාලා මට මහන්සී...

බබාට මහන්සිද???
මගෙ මැණික ටිකක් නිදාගන්නවාද???

ඇල්බා මගෙ මාව අතකින් ඇදලා අරන් එයාගෙ උකුල උඩින් වාඩි කරවගන්න ගමන් ඇහුවා...
මම උත්තර දුන් නෑ...
ඒ තරම් නිදිමතයී....
ඈනුම් යව යව මම එයාගෙ උකුල උඩම වඩි වෙලා ඉන්න ගමන් ඇල්බාගෙ පපුවට මගෙ ඔළුව හේත්තු කරගෙන හිටියා...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now