Part 25 👨‍❤️‍👨

611 130 66
                                    

දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
.
රෝසා's pov... 🤗

ඇල්බායි නෝටියයී මේ දවස් දෙකට
ඇවිදින්න තැන් ගොඩක්
දාගෙන තිබුන නිසා
අපි නුවර ගියෙ කැබ් සාර්විස් එකක් කතාකරගෙන...
අපි නුවරට ආපු ගමන් මුලින්ම කලේ
නවතින්න තැනක් හොයපු එක...
නෝටියයි ඇල්බායි පැනපු ගමන්
ඩබල් ඇදන් තියෙන තනි කාමර දෙකක් ගත්තා...

නෙතූ....
ඔයා මුලින්ම wash දා ගෙන එන්න....
දැන් නා ගන්න....
හවසට ඇවිත් ඇග සෝදගමු....""

සවිනාශ් අයියා මම මාලිගාව වදින්න යනකොට අදින්න ඕන ඇදුම් ටිකත්
bag එකෙන් තෝරලා මගෙ අතටම දීලා
කාමරෙන් එළියට ගියා...

සවිනාශ් උදේශිත...
ලොකු අයියාගෙ නම...
නෝටිට වඩා අවුරුදු දෙකක් වැඩිමල්...

ඊටපස්සෙ අපි හතර දෙනාම ගියෙ
නුවර මාලිගාවට...

සවිනාශ් අයියා මටත් වඩා ලොකු මල් පොකුරක් උස්සන් ඇවිත් මට දුන්නා...
පන්සලකට ගෙනියන්න අවශ්‍ය අනිත් දේවල් එයා අරන් තිබුනා...
මම නෙළුම් මල් වලට ආසයී...
මම බැලුවෙ මොන මොන පාටින්ද
මල් ගෙනත් තියෙන්නේ කියලා...

රෝස පාටයි සුදු පාටයි ලොකූ නෙළුම් මල් පොකුරක්...
මල් පොකුර ඈතට කරගෙන හිටියත් සුවද දැනෙනවා...
ඒ මල් වලින් එන සුවදට මම ආසයී...
හිත නිවෙන අමුතුම සුවදක් නෙළුම් මල් වලට තියෙන්නේ...

අද සෙනසුරාදා නිවාඩු දවසක් නිසා
මාලිගාව වදින්න සෙනග ගොඩක් ඇවිත්...

නෙතූ....
මොන දේ උනත් මගෙ අත අතාරින්න එපා හොදද....""

මාව මග ඇරෙයී කියලා සවිනාශ් අයියා මගෙ අත තද කරලා අල්ලගත්තා...
ඊටපස්සෙ මාව එයාගෙ ළගට ඇදලා අරන් එයාගෙ ඇගට හේත්තු වෙන විදියට මාව එයාගෙ ඉස්සරහින් තියාගෙන
මගෙ අතේ තිබුන මල් පොකුරත් එයාගෙ එක අතකට ගත්තා...

සෙනග අස්සෙන් තෙරපි තෙරපි එයා මාව පරිස්සමට ඉස්සරහට අරන් ගියා...
අපි දන්ත දාතූන් වහන්සේ වන්දනාමාන කරලා ටිකක් එහාට ඇවිත් වට පිට බැලුවෙ නෝටිවයි ඇල්බාවයී හොයන්න...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now