(.1.)

2.2K 161 20
                                    

හිරු එලිය හොදින් වැටෙන දීප්තිමත් උදැසනක් වුවද දිහස්ගේ කොදුඇටපෙලදිගෙ පුංචි සීතලක් ගලායනු දැනින.

දිහස් තමන්ගේ නව පාසලේ අහස සිබින උස ගොඩනැගිලි දෙස බලමින් ඉදිරියට ඇදෙයි.
" අහ් "
උඩ බලන් ගිය දිහස් කාගෙදෝ ඇගේ හැප්පි බිමවැටින.

" කොහෙ බලන්ද මනුස්සයෝ යන්නේ "
සාක්කුදෙකට අත් දෙක දාන් ඇස් හිනී කරන් කොල්ලෙක් දිහස් දිහා බලන් ඉන්නවා.

" අනේ සොරි "
දිහස් තාමත් බිම ඉදන් ඉන්නවා. ඔහුගෙන් ඇස් අහකට කරගත්ත ආඩම්බරකාරයා අහක බලන් යන්න ගියා.

" ෆු........... මුගේ ගෑස් "
කොල්ලා හිමින් නැගිටලා අතේ තියන වැලි කැටටික අයින් කරා.

********************

" අඩෝ , අඩෝ අලුත් කෑලි ටිකක් ඇවිත් "
පංතියේ ඉන්න කොල්ලො ,කෙල්ලෝ පිස්සු වගේ නලියද්දි ආඩම්බරකාරයා සාක්කුවට අත් දෙක දාගෙනම ඇවිත් පංතියේ කෙලවර පුටුවෙන් වාඩිවුනා.

ගුරුවරිය පංතියට ආවම ලමයි නිශ්ශබ්ද වුනා. අලුතින් ආ ලමුන්ද තමන්ට රිසි රිසි තැන් වලින් වාඩිවුනා.

දිහස් පංතිය වටේටම ඇස් යැවුවා. ලමයි ඔක්කොම වගේ වාඩි වෙලා අන්තිම පෙලියේ තැනක් තියනවා.

දිහස් හිමින් හිමින් එතනට යනවා. ආඩම්බරකාරයා හිස් පුටුව උඩින් එයාගේ බෑග් එක තියලා.

මුගෙන් අහනවද ????

ආඩම්බරකාරයා දිහස් දිහා බැලුවෙවත් නෑ. ඒත් එයා එයාගේ බෑග් එක අරන් මෙසේ උඩින් තියන් එක උඩින් ඔලුව තියාගත්තා.

මං මොකටද මෙයාට ඉදගන්න දුන්නේ
එයා කල්පනාකරනවා.

" අරකි , බලපන්කෝ "
එහා පැත්තේ ඉන්න ගෑනුලමයි ඔක්කොම වගේ පුපුර පුපුර මුමුන අතරේ දිහස් ඒ පැත්ත බැලුවා.

කලුපාට නව විලසිතාවෙ බැගයක් එක් කරකින් එල්ලගෙන ඔලුව කෙලින් තියාගෙන කෙල්ලෙක් ඇවිදන් ඇවිත් මැද පොලිමකින් බෑග් එක තිබ්බා.

හැඩකාර ලෙස පිරි වැඩුනු ඇගපසග , පපුව දක්වා දික් වූ තද දුඹුරු පැහැ කැරලි කොන්ඩය. සිහින් දෑස් සහිත ආඩම්බරකාර මුහුන ,

" ලස්සනයි ඒත් , ආඩම්බරකාරයි "
දිහස්නට හිතුනා. ටිකකින් එයා තමන්ගේ දිහාවට එනවා කියලා තෙරුනාම දිහස් ඔලුව පහත් කරගත්තා. 

" අවී අසනීපයක්ද  "
එයාගේ කටහඩට ඔලුව ඉස්සුවම දිහස් දැක්කේ ඒ කෙල්ල ආඩම්බරකාරයාගේ ඔලුව අතගානවා.
දිහස්ගේ හිතට අමුතු බර ගතියක් දැනුනා. එයා බර හුස්මක් පිටකලා.

" නෑ "
කෙටි උත්තරයකින් උත්තර දිලා එයා ආයෙ ඔලුව තියාගත්තා.

" ඔකේ "
කෙල්ල ආඩම්බරකාරයාගේ පිටට තට්ටුවක් දාලා ගිහින් වාඩිවුනා.

පලවෙනි පිරියඩ් එකේ කවුරුත් පංතියේම  හිටියා. දිහස් එකදිගට ආඩම්බරකාරයා දිහා බලන් ඉන්නවා.

එයා ටිකකින් ඔලුව ඉස්සුවේ ඉස්සරහා ඉදන් පිටිපස්සට ආපු කොලයක් අතට ගන්නගමන් ....

ආඩම්බරකාරයා ඒකොලේ නම ලියලා දිහස්නගේ මේසේ උඩින් කොලේ තිබ්බා.

දිහස් මුලින්ම කලේ ආඩම්බරකාරයාගේ නම බලපු එක

"අවීන් ආලෝක සුරියවංශ "
දිහස් හිතින් මිමිනුවා.

එකපාරම කොලේ උඩට පෑනක් වැටුනා. දිහස් අවින් දිහා බැලුවා. එයා ඉන්නේ පොතකට නැඹුරු වෙලා.

" කොලේ දිහා බලන් හිටියට නම ලියවෙන්නෑ ඒකට පැනක් ඕන "

දිහස් එයාගේ නම ලිව්වේ හොරෙන් අවින් දිහා බලන ගමන් ,

" දිහස් විහංග දේවගේ "









***************************

Slow update ........

ඔයාලා කැමතිද බලන්න ටෙස්ට් කරන්න දැම්මේ........

........BL හොදේ.......

Kishu :-)

One Day ( BL) (Onhold )Where stories live. Discover now