කවි නොලියන සොයුරු පෙමක්...

158 40 25
                                    

නැතිය නොදනී කවි ගොතන්නට , නුඹ දනියි මා එයට නොරිසිය...
මගේ කවි දම් පිරික්සුමටද , හැර ගියේ ඇය පෙමද සමගින ?
අපේ ආලය මහමෙරෙක් මට , එහෙත් නුඹටත් එලෙස නොවුණිද ?
ඇයද සමගින් ගෙපැලකට වී , කිරි සිහින ඔබ හටත් නොවුණිද ?

සිත රිදවූ තරමට හැඩුවේ මම බව , මතක ඇත මට තවම නුඹ ගැන..
උදුර සිනහව මසිත  හඩවා නුඹ කළේ මට සිනාසීමය...
නොලැබි සිනහව කෙරේ නොරිසුම නුඹේ සිත තුළ එදා වූ වග..
සිතුවේ නුඹ එය නොහදුනන්නට තරම් මා අද වග ද එලෙසට ?

වැටුනු විට ලෙඩ සයන අභියෙස මා සිගිති මළණූ සෑමදින..
නෙල්ලි යුෂ තනවාන ඇයගෙන් දුව ආවේ ඇයි තනියෙන්ම නුඹ ?
ඔබ රළුව මට නාඩන්න කී විටදි මා පෙරළාම රැව්වට...
මා නිදන තුරු රැක සිටියේ නුඹ පියාණන් ඇපයට තබාගෙන...

නොනිදනා විට රැය පුරාවට මා සිතම සනසා දෙඩු ප්‍රලාපය..
නැවත කෝපය නංවගෙන නුඹ බැන වදින්නේද මාගේ දෙසටය..
රුදුරු වදනින් මාද දක්ෂය , නුඹට නොදෙවෙනි මෘගයෙක්මය..
සැනින් කෙහෙවළු පටල ගත්ත ද , සොයුරු පෙම නුඹ සිතෙහි නොවුණි ද ? 

අය්යණ්ඩිලා දෙදෙනාම රැකුමට නුඹ ද මා කී මුසා කදු ගොඩ..
කෝපගෙන දෙදෙනාම බුම්මන් ජල තටාකයේ රුදුරු ජල පොර..
වාචාල කට නුඹගේ දොඩවන , අපහාස මට හුරුව තිබුණ ද
කෝපයේ පාලනය මගේ නොව , එනිසාය එය නුඹට රිදවුම...

දබර කර ඈ උරණ වූ විට , ඇසළ අරණේ සුවි පහණ යට...
නුඹේ සෝ ගිනි ශෝකලාපය අසන්නට වූයේද මහටය...
අහෝ ! ඒ ප්‍රේමයක දුක් ගිනි , මට අවැසි නැත එහෙව් ප්‍රේමය..
සොටු ද සූරා හඩන ඔබ දුටු මම ද සිතුවේ එදා එලෙසය...

හදුන ගත්තේ ඔහුට පෙරදිම , නුඹයි මා සිත එකම ප්‍රේමය...
කිණිස්සක් වෙත ආල කුමට ද ? සෝපාහාසයෙන් විමසුවේ නුඹ...
කිපී ගෙල සිර කළත් එමදින , නුඹ පහර නැත මහට යොමුවුන..
දෑස් නුඹගේ යොමුව තිබුණේ , මා කොපුල තෙත් කළ කදුළ අභියෙස..

තනිව සිනැහෙන නුඹට උමතුද ? ! කෝපයෙන් නුඹ විමසූව සද ...
නුඹට සිනහාව අහිමි බැවිනුයි ගිල දමා සැගවූයේ මා එය.. 
ඔහුගේ සුරැකුම මහට කිසිදා බරක් නොවූ වග කිපී කිව්ව ද
නුඹ නොවන්නට පියාණන්ගෙන් කෙසේ මා ඔහු රැක තබන්න ද ?

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now