01~

1.5K 193 52
                                    

මට තාම මතකයි එයා මුණහැහුනු හැටි.. අද වගේ ම වෙහෙසකාරි හවසක හිතේ තියන ඔක්කොම දුක නැති කරගන්න වෙනද වගේ එදත් මං මගේ බංකුවේ වාඩි උනා.. මුලින් ම දැක්ක ඒ ඇස්.. තාමත් ඒ විදියට ම ඒවා ගැඹුරුයි.. නෑ ගැඹුරු ඇති.. මං දන්නෙ නෑ..

අහ් ඔයාලා බලනව ඇති මොකද මේ කියල නෙහ්.. සමාවෙන්න මං කවුද කියල කිව්වෙ නෑ නෙහ්.. කියන්න තරම් නම් දෙයක් නෑ.. ඒත් මගේ නම නම් ශනුත් ආදිත්‍ය මන්දාර .. ලස්සන ද.. හිනා යන කතා අහන්න එපා කියල නේද අහන්න යන්නෙ.. ඔව් මං දන්නව.. කවුරුත් මගේ හරි නම දන්නෙ නැතිකොට ඔයාලත් එහෙම කියන එක සාදාරණයි.. නාමයක්වත් නැති අවජාතක මට මොන ලස්සන නම් ද.. ඉතින් ඔහොම බලන්න එපා..

ඒත් මට මගේ නම ලස්සන නැතත් මට මගේ කියන්න කෙනෙක් නැතත් ඒ නමට ලස්සනයි කියපු බොරුවට ඒ නම ඉල්ලලා අඩපු පොඩ්ඩෙක් හිටියා මට.. මං එයාගේ කියල කියන්න පුලුවන් තරමට ම මං එයාට අයිති වෙලා තිබ්බ.. මගේ චූටි.. මොකක් ද මං කියන්න ඕන.. මං අදහස් කලේ ඒ මගේ පණ කියන්න ද.. ඒ මගේ ලෝකේ කියන්න ද.. ඒ මගේ හදවත කියන්න ද.. ඒ මගේ හුස්ම කියන්න ද.. ඒත් මං බෑ කිව්වොත් ඔයා පුදුම වෙනව ද.. එපා එයා මගේ ඒ මුකුත් නෙවෙයි.. මොකද ඒ මගේ හැමදේම...!!

ඉතින් ඔයා අහන්න යන්නෙ ඔය මහ ලොකු චූටිට මොකද උනේ කියල ද..

හ්ම්ම්ම්....

මං දන්නෙ නෑ...

පුදුම වෙන්න එපා.. මං දන්නෙ නෑ.. ඒක විතරයි එයා ගැන මං කියන්න දන්නෙ..

මට සමාවෙන්න.. මං ඔයාට මේ කියන්නෙ ඕන නැති දෙයක් ද.. ඒත් ඔයාට ඒක අහන්න ඉන්න පුලුවන් ද.. කමක් නැද්ද මං ඒක ඔයත් එක්ක කිව්වට.. මොකද මට දැන් මහන්සියි.. ටිකක් නෙවෙයි මහ හුගක්.. මේ හිතේ මෙච්චර දේවල් තියේගෙන ඉදල ඉදල ම මට කියන්න බැරි තරම් මහන්සියි..

එහෙනම් මං කියන්න ද.. ඔයාට අහන්න බෑ වගේ මගින් නවතින්න.. ඒක අවුලක් නෙවෙයි.. ගොඩක් නෑ මේ කතාවෙ..

ඔව්.. එයා මට පලවෙනියට මුණගැහුනේ මේ බංකුවේ ම වාඩි වෙලා ඉන්න වෙලාවක..

එතකොට අවුරුදු 23 ක් විතර.. හරියට දන්නෙ නෑ.. මං දාලා ගියපු කුණු කූඩෙන් අරන් මාව මේ විදියට හරි උස් මහත් කරපු මනුස්සයා නිසා තමයි මං මගේ වයස දැන ගත්තෙ.. අම්මා තාත්තා ගැන නොදන්න කෙනෙක්.. තමන්ගේ කියල කියන්න කවුරුත් නැති කෙනෙක්.. අම්ම තාත්තා නැති වෙන ගොඩක් අයට නෑදෑයෝ හරි හිටියා.. ඒත් ඉතින් මහ දෙයක් නෙවෙයි මේක.. තමන්ගේ දෙමව්පියො ම බිහි කරල එයාලා ම විසි කරල ගියා නම් අනිත් අය ගැන මොන කතා ද.. ඒක වැඩක් නෑ..

...මෝසම්... [ Complete ]Where stories live. Discover now