ඊයෙ වගේ ම අදත් වැඩ ඇරිලා මං ආවෙ මගේ සුපුරුදු නවාතැනට..
ඒත් අද වෙනසක් වෙලා තිබ්බ..
ඔයාලා මොක ද හිතන්නෙ..මොකක් වෙන්න ඇති ද ඒ..එතන කෙනෙක් හිටිය.. වෙන කෙනෙක් නෙවෙයි එයා ම තමයි.. ඊයේ රෑ ම මගේ නින්ද නැති කරපු කෙනා.. කලින් දවසෙ මගේ නම කියපු කෙනා.. එයා හිටියේ මට ම වෙන්වෙච්ච මගේ බංකුවේ..
එයාගෙ උකුල උඩ මොනව තිබ්බා.. මං ළගට ගියාමයි දැක්කෙ.. එයා චිත්‍ර වගයක් අදිනව..
" ලස්සනයි ද ඒක.. "
එයා දැනගෙන මං ඒක දිහා බලාගෙන ඉදල කියල.. මං මුකුත් කියන්නෙ ම නැතුව මගේ සුපුරුදු තැන ම වාඩි උනා.. එයා හිටියට මට කරන්න දෙයක් නෑ.. මේක මගේ තැන.. එතකොට මං වාඩි උනේ එයාගෙ එහා පැත්තේ..
ඒ ගමන් එයත් එයාගෙ පොත වහල කනේ ගහගෙන හිටපු ඉයර් බඩ් දෙකත් ගැලෙව්ව.. ඇපල් ෆෝන් එකක්.. බ්ලූටූත් ඉයර් බඩ් දෙකක්.. මට මං ගැනම හිනයි.. ආසවක් වෙනුවෙන් මවන හීනයක් විතරයි..
එවෙලෙ තමයි මං එයාව හරියට ම දැක්කෙ.. ඔව්.. එයා ලස්සනයි.. පොඩ්ඩක් නෙවෙයි මහ හුගක්.. සුදුයි.. මූණ දිගයි.. උසයි.. මට වඩා නම් කොටයි ද කොහෙ ද.. නෑ එක්කො අපි දෙන්න එක ගනන්.. මන්ද.. එවෙලෙ එයාගෙ මූණෙ ඇදිලා තිබ්බෙ හරි ම නිවිච්ච හිනාවක් උනත් මුළු මූණ ම ඒකෙන් පිරිල තිබ්බ.. හරි සෞම්‍යයි.. එයාගෙ වම් පැත්තේ එක නළ දතක්.. මං ආසයි.. නළ දත් තියන අය ලස්සනයි.. මෙයා ඊටත් වඩා ලස්සනයි.. කවුරු හරි ඇහැව්වොත් මං කියන්නෙ එයා හරියට ටෙඩියෙක් වගේ.. උපමාව ගැලපෙන්නෙ නෑ වගේ ද.. ඒත් මට වෙන කියන්න තරං හොද වචනක් හිතෙන්නෙත් නෑ.. අහිංසක පාටයි..
ආයිත් එයාම කතා කලා..
" හැමදේම අහම්බයක් නෙවෙයි.. "
" දන්නව.. ඔයා කවුද.. "
" ඇයි අහන්නෙ.. "
" කොහොම ද මං ගැන දන්නෙ.. "
" මොකට ද අහන්නෙ.. "
" හේතු ගොඩක්.. "
" මං ඉවීෂ්.. "
" හ්ම්.. "
ඔව් එයා කොල්ලෙක්.. එච්චරයි අපි කතා කලේ.. නම ලස්සනයි.. මට ඒක ලස්සනයි.. ඔයාට කොහොම ද දන්නෙ නෑ..