05~ ( End )

934 199 162
                                    


ඔයාට තේරුණාද ඒ ස්ටිකී නෝට් එකේ එයා ලියල තිබ්බ දේවල්.. මට නම් තේරුණේ නෑ.. මට කරගන්න දෙයක් තිබ්බෙ නෑ..

එයා බලන් ඉන්නවලු.. මොකට ද.. කොහෙ ද.. එයාට වෛර කරන්න එපාලු.. ඇයි මං එයාට මං වෛර කරන්නෙ.. ඔයාටත් දැන් හිතෙන්නෙ එහෙම ද.. මටත් ඒ වෙලේ හිතුනෙ එහෙමයි.. ඒත් අර අනිත් එක ඇරල බලනකන් විතරයි..

ඒක රතු පාට පෙට්ටියක්.. වැලන්ටයින් එකට දෙන තෑග්ගක් කියල ද හිතුවෙ.. නෑ අප්පහ්.. ඒක එහෙම එකක් නෙවෙයි.. ඇරල බැලුව ම එකේ තිබ්බෙ කොළ ගොඩක්.. නෑ ඒක ලියුම් කවර තුනක්..

එකක් හරි අමුතුයි.. මට අරින්න බයත් හිතුනා.. ටිකක් බර ගතියට තිබ්බ ඒක මං ඇරියා .. බ්‍රේස්ලට් එකක්.. දැකල පුරුදු එකක්.. ඔව්.. මේ ඒ වගේ ම එකක්.. මතක ද අර M අකුර තිබ්බ බ්‍රේස්ලට් එක.. ඒත් එතන තිබ්බෙ I අකුර ගහපු එකක්.. ඒක ඇතුළෙ තව චිට් එකක්..

' මොකක් ද කියල ද බලන්නෙ.. ඒක ඔයාගෙ එක නෙවෙයි.. ඒක ගත්තෙ මට.. මේක තමයි ඔයාගෙ එක.. '

මට එහෙම්ම බැලුණෙ මගේ අත දිහා.. මගේ අතේ මෙච්චර කල් දාගෙන හිටපු ඒ බ්‍රේස්ලට් එක අද මගේ අතේ තිබ්බෙ නෑ.. ඔයාට තේරුණා ද එයා කියල තිබ්බෙ මොකක් ද කියල.. එතකොට ඒ M අකුරේ තේරුම වෙන්නෙ මන්දාර කියන එක ද.. I එකෙන් ඉවීෂ්.. අපි දෙන්නගෙ මුල අකුරු තියෙන බ්‍රේස්ලට් දෙකක්.. ෂෝයි නෙහ්.. ඒත් අනිත් එක..

' දැන් අනිත් එක හොයන්න එපා අයියා.. ඒක ඒක අයිති තැන දැන් තියෙන්නෙ.. '

ඇත්තට ම එයා මං ඊළගට හිතන දේ ගැනත් හිතල තිබ්බ වගේ ම ස්ටිකී නෝට් එහා පැත්තේ මගේ හිතට ආපු අනිත් ප්‍රශ්නෙටත් උත්තරයක් දීලා තිබ්බ..  පුදුම තේරුම් ගැනීමක්..

ඒකේ තිබ්බෙ එච්චරයි.. මං ඊළග එක අතට ගත්තා.. ඒක කිසිම බරක් තිබ්බෙ නෑ.. මං ඒක ඇරියා.. ඒක චෙක් එකක්.. කියන්න බැරි තරම් ලොකු ගානක්.. ඒ ගන්න හටියට ම කියවන්න තියා මට චෙක් එකකින් කරන්න ඕන වැඩේ එවෙලේ හිතා ගන්න බැරි උනා.. මොකද මං හිටියේ එකක් ඉවර උනාම අනිත් එක බලන්න ඕන හදිස්සියෙන්..

අන්තිම එක.. හිතට එන මහ මූසල හැගීමක්.. මට ඔක්කොම දමල ගහල පනින්න හිතුනා.. කදුලු කියන දේ අදුරන්නෙ නැති මගේ ඇස් දෙකෙන් කදුළු එක පිට එක වැටෙන්න ගත්තා.. ඒව කෙලින් ගිහින් වැටුණෙ අතේ තිබ්බ තාමත් නොඇරපු ලියුම් කවරෙ උඩට.. කරන්න දෙයක් නෑ මට ඒක අරින්න උනා.. ඒකේ තිබ්බෙ එයාගෙ ෆොටෝ එකක් එක්ක අකුරු වගයක්..

...මෝසම්... [ Complete ]Where stories live. Discover now