දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.බාප්පයී මායී ගෙදර ආපු වෙලාවෙ ඉදන්ම
බාප්පාගෙන් මට බේරිල්ලක් නෑ...
අද දවසෙ වෙච්ච දේවල් ගැන විස්තර කරනවා...
කියවනවා...
හිනා වෙනවා...
ඒයාටනම් පට්ට හැපී...
මට දිගටම මොඩ්ලර් කෙනෙක් විදියට වැඩ කරන්නලු...
එයා දන්න කියන අයව මට අදුන්වලා දෙන්නම්ලු එක විකාරයයී...මමනම් එච්චර දුර හිතලා තිබුන් නෑ
අද තිබ්බෙ නිකම් photo shoot එකක් විතරයි කියන හැගීම විතරයි මට තිබුනෙ....
අද වෙච්ච අහඹු සිදුවීම මට එච්චර ගානක් නැති උනත්
බාප්පාටනම් ඒ ගැන කියවන්න
ගොඩක් දේවල් තිබුනා...
ඒ ඒක එයා රස්සාවකටත් වඩා ආසාවෙන් කරන දෙයක් නිසා වෙන්න ඇති...
ඇත්තටම බාප්පා ගෙදර ඉන්නවාට වඩා එතනදි වෙනස්ම කෙනෙක්...
දෝණිව එක්කන් එන්න යන්න කලින් කෑම හදන්න ඕන නිසා බාප්පා කුස්සියට ගියා...ඩින්ග් ඩොං....""
ඒ වෙලාවෙම තමයි door bell එක වැදුනෙ....
දොරේ තියෙන හිටලට ඇහැ තියලා
එළියෙ ඉන්නෙ කවුද කියලා බලන්න
මම හරි බයයී...
මොකද ඇහැ තියපු ගමන් ෆිල්ම් වල වගේ එහා පැත්තෙන් මොකෙක් හරි වෙඩි තිබ්බොත් එහෙම
මොලේ පසාරු කරගෙන වෙඩිල්ල ගිහින් තියෙයී...ඒක නිසා දොර අරින්න කලින් ජනේලෙන් ඉස්සි ඉස්සි බැලුවා...
ඇල්බානම් මට ඕකට හැමදාම බනිනවා
හදිස්සියක් වෙලා මිනිහෙක් ආවොත්
හදිස්සිය ඉවර වෙනකම්ම එතන බලන් ඉන්න වෙනවා කියලා...ම්ම්ම්හුක්...
මොකෙක්වත් නෑ...
මොකෙක්වත් පේන්න නැති නිසාම
මම ගිහින් දොර ඇරලා බැලුවා...
දොර ඇරලා බෙල්ල එලියට දාපු ගමන්
මගෙ ඉස්සරහට පැන්නෙ
මටත් වඩා ලොකු පතම පත ටෙඩියෙක්.
ටෙඩියාව අරන් හිටපු මනුස්සයව
ටෙඩියාට වැහිලා
ටෙඩියාගෙ කකුල් දෙකත් බිම ගෑවෙනවා...හේයී මිස්ටර් කියුට්...
ඔටෝග්‍රාෆ් ප්ලීස්..."ටෙඩියාගෙන් ආපු ඒ කට හඩනම් මට හොදට අහලා පුරුදු කට හඩක්
ඇයි හත්තිලව්වේ ජංගි කොටේ ඇද ගත්තු කාලෙ ඉදන් මේ වෙනකම් ලගින් හිටපු එකාගෙ කටහඩ මට අදුරගන්න බැරිද???
වෙන කවුද ඉතින්...
ඇල්බා...