දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
ඇල්බා's pov...හැමදේම මගෙ දගයා ආසම විදියට,
ආසම දේවල් වලින් මගේ හීනෙ
එයාගෙ පාට වලින් ලස්සනට පාට කලා...මගෙ හීනෙ එදා ඉදන්ම දැකපු හීනෙ
හෙට මගෙ නෝටි එක්ක හැබෑ කරගන්න හීනෙ...
එයත් එක්කම ඇවිදින හීනෙ...
හිනයක් නොවී හීනයක් වගේ අපි වටාම කැරකෙන හීනෙ...අපි මෙච්චර කල් ආදරෙන් එකට ජීවත් උනත්
මේ වගේ හැගීමක් මට දැනිලා නෑ...
ඒ හැගීම වෙනස්ම හැගීමක්...
මට කවදාවත් නොදැණුන හැගීමක්...
ඒ හැගීම ගැන විස්තර කරන්න මට තේරෙන් නෑ...
ඒ හැගීමට සම්පූර්ණ අයිතිය මගෙ Nowty...එයා නිසා මම තාත්තා කෙනෙක් උනා...
එයා මගෙ දරුවා උනා...
පොඩි උන්ට් කෑම කවන්න අම්මලා තාත්තලා එක එක ක්‍රම හොයාගන්නවා වගේ
මගෙ පොඩි එකා Nowtyට ආදරේ කරන්න, එක එක ක්‍රම හොයා ගත්තා...
එයාව මට මුලින්ම ලැබුන දවසෙ දැණුන හැගීම මට අදටත් දැනෙනවා...මට සතුටු වෙන්න මීට වඩා දේවල් ඕන නෑ...
Nowtyගෙ හිනාව මාව ජීවත් කලා...
ඒ හිනාවට මම ආදරේ කලා...
ඒ හිනාව එයාගෙ මූණෙන් නැති වෙනවට මම පොඩ්ඩක්වත් කැමති නෑ...
එයා කැමතී මං ළග පොඩි එකෙක් වගේ හුරතල් වෙන්න...එයා හොයන ආදරේ එයා ඉල්ලනවාටත් වඩා වැඩිපුර දෙන්න මම හැමතිස්සේම උත්සාහ කලා...
මොකද අපි සතුටින් ඉන්න එක අපේ අයිතියක්...
ඒ සතුට අපේ...
අපි හරිම සැහැල්ලුවෙන් ආදරේ කලා...
මම මගෙ ආදරේ ලග දරදඩු නොවී සරල මනුස්සයෙක් උනා...
ඒක නිසා Nowty මාත් එක්ක ඉන්න හැම වෙලාවකම එයා හරිම සැහැල්ලුවෙන් ඉදියා...අපි අපිට විවෘතයී...
එයාට ඕනම දෙයක් මාත් එක්ක කතා කරන්න පුලුවන් කම තිබුනා...
කුණුහරුපයක් උනත් ඕනම නසරාණි වැඩක් උනත්...
මේ ජීවිතේ මම එයාට හංගපු කිසිම දෙයක් නෑ...
ඒ තරමට අපි විවෘතයී...ඒ වගේම එයා අකමැති කිසිම දෙයක් මම කලේ නෑ...
ආදරේ කරනවානම් ආදරේ කරන කෙනාගෙ කැමැත්ත අකමැත්ත තේරුම්ගන්න පුලුවන් වෙන්න ඕන...
මොකද නෝටිගෙ සතුට තමයි මගෙ සතුට...
එයාගෙ කදුලට මම හේතුවක් වෙනවානම් ආදරේ කරන කෙනෙක් කොහොමද දරාගන්නෙ තමන් ආදරේ කරන කෙනාගෙ වේදනාව...