07

536 149 23
                                    

මැච් එකට යන්න එනවද කියලා මම ගෙදර අයගෙන් ඇහුවත් ඒ හැමෝම දුන්න උත්තරේ තමයි බෑ කියන එක. එයාලට වෙන වැඩ තියනවලු.

ඕකට උත්තරේ බෑ කියන එක බව දැන දැනත් මම ඒක අහපු එකම මෝඩ කමක් වගෙයි මට දැනුණේ. මම කිසිම දෙයක් නොකියා ඔළුව වනලා කන්න මොනවා හරි ගන්න සල්ලි ඉල්ල ගත්තා.

මොක නැතත් හැමදාම වගේ මෙනත් අයියා ඇවිත් පැවිලියන් එකේ කොණකට වෙලා බලන් ඉඳියි කියලා මම දැනන් හිටියා. 

එයා ඉන්න එකම මදැයි වෙන කවුරු නැති වුණත්.

මැච් එකට යන්න ඉස්කෝලෙන් බස් එකක් දීලා තිබුණා කවදාවත් නැතුව.

මායි කවීෂයි දෙන්නා එක ගාව වාඩි වෙලා ජනේලෙන් එහා පැත්ත බලාගෙන අපිව පහු කරන වාහන වලට අත වැනුවා.

අවුරුදු පහළවක් වෙලත් ඒ වගේ වැඩ කරන එක මෝඩයි වගේ වුණත් ඒකෙත් තියනවා අමුතු සතුටක්.

මැච් එක තිබුණේ බෝයිස් ස්කූල් එකකට විරුද්ධව. 

අපි බස් එකෙන් බැහැලා හැම ලෑස්ති වෙන්න ගත්තා. මැච් එකට ඔන්න මෙන්න තියලා හැම ළමයටම අමුතු අමුතු ලෙඩ ඇති වෙන්න ගත්තා.

එක අතකට ඒකත් සාධාරණයි ඉතින්.

එක පාරට හෝඩියේ පන්තියෙන් කැම්පස් එකට දැම්මා වගේ සීන් එකකටනේ අපි මේ මූණ දෙන්න යන්නේ.

(දාඩිය පිහදාන ගෙම්බගේ ස්ටිකරේ)

අන්තිමට වෙලාව ආවා.

අපි බලන් නොහිටපු වෙලාව.

මම ටීම් ලීඩර් වුණත් බෝලේ ගන්න මැදට ගියේ කවීෂ. මොකද මිනිහා මට වඩා උසයි.

මම තමයි ටීම් එකේ හිටපු කොටම එකා.

අනික් අය උස වුණාට වැඩක් නෑ ඉතින් මං තරම් හොඳට ෂූට් කරන්න එයාලට බැහැනේ.

බෝලේ එක පාරට කවීෂ මගේ අතට පාස් කරනවා මට පෙනුණා. බෝලේ අතට අරගෙන තප්පරයක් යනකන් මම ගල් වෙලා හිටියත් එක පාරටම ඩ්‍රිබල් කරගෙන මාව ගාඩ් කරන් හිටපු කෙනාගෙන් අනික් පැත්තට බෝලේ ගන්න මට පුළුවන් වුණා.

සේරම එකතු වෙලා මට පෙනුණේ ජෙලියි අයිස්ක්‍රීමුයි එකට මික්ස් කරලා කනවා වගේ.

ᴍᴇʀᴀᴋɪ - ʙʟ [completed]Where stories live. Discover now