මැච් එක ඉවර වෙලා මම නාලා එළියට එද්දි මෙනත් අයියා වෙනදා වගේම එළියට වෙලා මං එනකන් බලන් හිටියා.
මම එළියට ආපු ගමන් එයා කවදාවත් නැතුව මාව උස්සලා වටයක් කැරකුවා. මගේ මූණ රතු වුණේ එයාගේ ලොකු අත් දෙක මගේ ඉණ වටේ එතෙද්දියි.
'කොල්ලා දින්නා නේද!' එයා ටිකක් හයියෙන් කියද්දි මම බිම බලාගත්තා.
'අද මං ගාණේ ඔයාට කැමති දෙයක් අරන් දෙනවා. ඔයාට මොනවද ඕන.' මෙනත් අයියා ඇහුවේ මාව බිමින් තියන ගමන්.
මම හුස්මක් අරන් එයා දිහා බැලුවා.
එයාගේ දුඹුරු පාට ඇස් සතුටින් පිරිලා තිබ්බා.
මම එයාගේ අතකින් අල්ලලා මං ගාවට ඇදලා ගත්තා. 'අපි යමුකෝ... කොහෙට හරි...'
එයා මුකුත් නොකියා මම ඇදන් ගිය විදිහටම මගේ පස්සෙන් ඇවිදන් ආවා.
මම කවුරුත් නැති තැනකට එයාව අරන් ආවට පස්සේ ලොකු හුස්මක් ගත්තා.
මම කරන්න යන දේ හරි වුණත් වැරදි වුණත් එයා කිව්වේ ඕනම දෙයක් දෙනවා කියලනේ?
'මට ඕන ඕනම දෙයක් ඔයා දෙනවා නේද?' මම ඇහුවා.
මෙනත් අයියා හිනාවුණා. 'දෙන්න පුළුවන් දෙයක් නම් දෙනවා තමයි ඉතින්. ඔයා දැන් මැච් එකක වාර්තාගත ගෝල් එකක් දාලානේ ඉන්නේ.'
මම එයා දිහා බැලුවා.
එයාට ලොකු ලස්සනක් තිබුණේ නෑ තමයි.
ඒත් එයාට තිබුණා ලස්සන දුඹුරු පාට ඇස් දෙකක්.
ලස්සන හදවතක්...
ඒ ඇති නේද?
මම ඇඟිලි තුඩු වලින් ඉස්සිලා එයාගේ තොල් උඩින් යන්තම් මගේ තොල් දෙක තියලා ඉක්මනට ඈත් වුණා.
'මට ඕන... එච්චරයි.'
මම උත්තර දුන්නා.
මෙනත් අයියා මං දිහා බලන් හිටියා.
'ඒක...'
අපි දෙන්නටම කතා කරන්න දෙයක් තිබුණේ නෑ.
මෙනත් අයියා මගේ අතකින් අල්ලගෙන එතනින් එළියට ආවා.
කතා කරන්න දෙයක් නොතිබුණ එයාගේ ස්පර්ශයට මම ආදරේ කළා.
තාමත්...
මම එයාගේ ඒ බැඳීමට ආදරෙයි.
___________
Meraki කියන්නේ අනුලට ඕන වුණ කතාව.
ඒත් ඇත්තටම වුණ දේ දන්නවද?
ඒක දැනගන්න නම් කියවන්න
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. නිමි
2021 - 12 - 23
____________
Meraki
-

YOU ARE READING
ᴍᴇʀᴀᴋɪ - ʙʟ [completed]
Non-Fictionඔයාට කරන්න පුළුවන් කියලා හිතෙන ඕනම දෙයක් ඔයාට කරන්න පුළුවන්.