_01_

1.4K 169 9
                                    

----------------------------------

මම උඩ බැලුවෙ හිස් හැඟීමකින්..ඔයා එතන නෑ...තට්ටු තුනක ලොකු හෝල් එකක්....දහතුන වසර සෙක්ෂන් එක....

ඉස්කෝලෙ ගේට්ටුව ගාව ඉදන් සාමාන්‍ය විදිහට ඇවිදන් එන මම නතර වෙලා ලොකු හුස්මක් පහළ දාන එකම තැන මේ පඩිපෙළ...

මම දන්නවා ඔයා ඉන්නවා...පඩි හතළිස් අටක් නැගලා තුන්වෙනි තට්ටුවෙන් දකුණට හැරුනහම තියෙන කෙරෝලෙම පන්තිය...

එක දෙක තුන හතර පහ...ඔව් පස්වෙනි පේළියෙ තියෙන ඩෙස් තුනෙන් ජනේලෙ අයිනෙම ඩෙස් එකේ ඔයා ඉදගෙන ඉන්නවා....

මම දන්නවා..ඒ ඔයාගෙ විදිහනෙ...පුටු කොච්චර තිබ්බත් ඉදගන්නෙම ඩෙස් එකේ...ඔයා නම් හැදෙන්නෙම නෑ....

ලොකු හුස්මක් අතෑරලා දාපු මම හෙමින් හෙමින් ඒ පඩි ටික නගින්න ගත්තෙ...හැමදාම වගේ පඩි ගාන කවුන්ට් කරන ගමන්...."ආහ්...ෆක්...උඹට පිස්සු ආශ්....ගැන්නා කියලා මේ මගුලෙ පඩි අඩුවෙනවා කියලද..හැමදාම වගේ හතළිස් අටයි..."

දැක්කද..ඔයා වගේම මගෙ හිතත් මටම විහිලු කරනවා....ඔයාට මතකද මම ඉස්සර මේ පඩි ගැන ගැන යනකොට මගෙ ඔලුවට රිදෙන්නැතිවෙන්න ගහන ඔයා මොකක්ද කියන්නෙ කියලා...

"උඹට නං පිස්සු බං"

ඔයා එහෙම කියනවා...මට පිස්සු කියලා කිව්වට කමක් නෑ...ඒත් "උඹ,බං" කියලා කතා කරන්න එපා....

මට කියන්න ඕනෙ උනාට..මම ඔයාට ඒක කවදාවත් කිව්වෙ නෑ...

හතලිස් හතර,හතලිස් පහ,හතළිස් හය.... තව පඩි දෙකයි....හතළිස් අට...හතළිස් නවය...

අහ්...වැරදුනා වැරදුනා...එකක් මගෑරලද කොහෙද....කමක් නෑ....එක්කො අර හොග්වෝඩ්ස් වල මාරු වෙන පඩිපෙල් වල වගේ මේ පඩිපෙළත් මාරු වෙලා කියලා හිතමු...

දැක්කද හිත.....අද ඔන්න හතළිස් නවයක් ආවා...හැමදාම වගේ හතළිස් අටක් නෙවෙයි....

මොන බහුබූත කිව්වත් මම දන්නවනෙ...මෙතන පඩි හතළිස් අටයි...ඔයාව දකින්න තියෙන හදිස්සියට ඒකත් මම වැරදියට කවුන්ට් කරලා....

ඔයාව මම අද මේ දකින්නේ දවස් හාරසිය විස්සයි පැය නවයයි විනාඩි විස්සකින්...

ඔයාට නම් මතකත් නැතුව ඇති...ඒත් මට මතකයි...

පුන්චිම දේ ඉදන් ...අපේ හැමදෙයක්ම...

---------------------------------

11/05/2021
---------------------------------
"මම බලන් ඉන්නවා"

"ඇයි"

"ඔයා එනකන්"

"එපා"

"ඇයි"

"ඔයා එනකන් වෙන එක්කෙනෙක් දැනටමත් බලං ඉන්න හින්දා"
---------------------------------

This night is cold in the Kindom
I can feel you fade away
From the kitchen to the bathrom sink and your step keeo me awake

Don't cut me down,throw me out,leave me hero to waste
I once was aman with dignity
Now,I'm slipping throught the crocks of your cold embrace
So please,please

  

[Abandoned_Hands]Where stories live. Discover now