09

937 208 113
                                    

third person p.o.v 

 වර්ෂාව අධික ලෙස කඩා හැලෙද්දී මෙනත් සාලයේ සෝෆාව මතට වී හිස් බැල්මකින් බලා සිටියේය. පසුදාට සිදුවන තමාගේ විවාහය පිළිබඳව ඔහුට තිබුණේ චකිතය මුසු බියකි.

වීදුරු ජනේල අතරින් කළු පැහැ පරිසරය ඉඳහිට මකා දමමින් අකුණු අහස පුරා පැතිර යමින් තිබිණි. මෙනත් එක්වරම තිගැස්සුණේ කිසිවෙකු තමාගේ නිවසේ දොරට තට්ටු කරනවාක් වැනි හඬක් ඇසීමෙනි.

ඔහු සෝෆාවෙන් නැගිට දොර වෙතට ගොස් එය විවර ක‍ළේය.

ඔහුගේ දෑස් විසල් විය.

දොර අසල සිටගෙන සිටියේ අනුලය.

වැසි දිය හේතුවෙන් අවුල්ව ගිය කැරලි හිසකේ ඔහුගේ දෑස් වසා වැටී තිබිණි. අලු පැහැ කමිසයකින් හා කළු පැහැ කලිසමකින් සැරසී සිටි අනුල‍ හිස ඔසවා මෙනත් දෙස බැලීය.

'අයියේ...'

මෙනත් කෙල ගිල්ලේය. 'අනුල...'

ඔහු අනුලගේ අතකින් ඇද අනුලව නිවස තුළට ඇද ගත්තේය. 'මොනවද මේ වැස්සේ කරන්නේ මෝඩ ළමයෝ...'

අනුල කිසිවක් නොකියා තමාගේ දිය බේරෙන සිරුර මෙනත්ගේ සිරුරට තද කළේය. 'මම හෙට යනවා... ඒත්... ඔයා... මගේ...'

මෙනත් බියෙන් සිටි අවස්ථාව මෙය විය. තමාගේ විවාහය පිළිබඳ මින් පෙර අනුල කිසිවක් නොකියා තිබුණද මෙය අනුලට දැඩිව බලපාන බව මෙනත් දැන සිටියේය.

'අනුල...'

අනුල තමාගේ දෑත් මෙනත්ගේ සිරුර වටා යවා ඔහුව රළු ලෙස සිරුරට තද කරගත්තේය. 'ඔයා මගේ... මගේ විතරයි.'

මෙනත් මදකට දුර්වල විය. ඔහුට අනුලට තමාගේ සිරුරට තුරුලු වී සිටින්නට ඉඩ හැරියේය. අනුලගේ සිරුරේ තෙත මෙනත්ගේ ඇඳුම් වලට කාවදිමින් තිබිණි.

අනුල තමාගේ දෑත් ඔසවා මෙනත්ගේ හිස තමා වෙතට ඇදගෙන ඔහුගේ දෙතොල් මෙනත්ගේ දෙතොල් මතින් තද කළේය. 'ඔයා මගේ... අයියේ ඔයා මගේ...'

මෙනත් තමාගේ පාලනය අනුල අතට දුන්නේය. අනුල තමාගේ සියලුම ශක්තිය යොදවා මෙනත්ව අසලට තිබූ සෝෆාව මතට පෙරළා සිපගන්නට විය.

ᴍᴇʀᴀᴋɪ - ʙʟ [completed]Where stories live. Discover now