නැතිය නොදනී කවි ගොතන්නට , නුඹ දනියි මා එයට නොරිසිය...
මගේ කවි දම් පිරික්සුමටද , හැර ගියේ ඇය පෙමද සමගින ?
අපේ ආලය මහමෙරෙක් මට , එහෙත් නුඹටත් එලෙස නොවුණිද ?
ඇයද සමගින් ගෙපැලකට වී , කිරි සිහින ඔබ හටත් නොවුණිද ?සිත රිදවූ තරමට හැඩුවේ මම බව , මතක ඇත මට තවම නුඹ ගැන..
උදුර සිනහව මසිත හඩවා නුඹ කළේ මට සිනාසීමය...
නොලැබි සිනහව කෙරේ නොරිසුම නුඹේ සිත තුළ එදා වූ වග..
සිතුවේ නුඹ එය නොහදුනන්නට තරම් මා අද වග ද එලෙසට ?වැටුනු විට ලෙඩ සයන අභියෙස මා සිගිති මළණූ සෑමදින..
නෙල්ලි යුෂ තනවාන ඇයගෙන් දුව ආවේ ඇයි තනියෙන්ම නුඹ ?
ඔබ රළුව මට නාඩන්න කී විටදි මා පෙරළාම රැව්වට...
මා නිදන තුරු රැක සිටියේ නුඹ පියාණන් ඇපයට තබාගෙන...මහීධ පුංචි කාලේ ගොඩක් ලෙඩ වෙනවා.එයා අතදරුවෙක් කාලේ.....ඉතින් එයා ලෙඩ උනාම මිදුනාථ විතරයි ඉන්නේ රෑ තිස්සේ...මොකද ඒක වෛශව අසපුවේ විදියනේ..ඉතින් එහෙම ලෙඩ උන දවස්වල ඛාදීගෙන් නෙල්ලි යුෂ හදවගෙන භීෂ එනවා මහීධ බලන්න... ඒකත් කාටවත් නොකිය හැමෝම නිදාගන්න ගියාම තනියම ... මිධුනාථත් පුංචිනේ.. එයා හොරෙන් අඩ අඩ ඉන්නේ... කවුරුත් පේන්න නැති නිසා මිධුනාථ ටිකක් අඩ අඩ වගේ ඉන්න කොට භීෂ දකිනවා.. එතකොට මිධුනාථට කේන්ති යනවා තමන් අඩන එක භීෂ දැක්ක නිසා.. භීෂ කියනවා මිධුනාථට අඩන්න ලැජ්ජ නැද්ද කියලා සැරෙන්..අන්තිමට මාන මුනිව නිදහසට හේතුවකට දාලා භීෂ රෑ තිස්සේම මිධුනාථට රැකවල් දාගෙන ඉන්නවා , ඖෂධ කුටියෙන් එළියේ.... හේතුව ඇහුවාම කියන්නේ ම්‍යාන මුනි කිව්වායි මිධුනාථ ගැන ඇහැගහගෙන ඉන්න කියලා..
නොනිදනා විට රැය පුරාවට මා සිතම සනසා දෙඩු ප්‍රලාපය..
නැවත කෝපය නංවගෙන නුඹ බැන වදින්නේද මාගේ දෙසටය..
රුදුරු වදනින් මාද දක්ෂය , නුඹට නොදෙවෙනි මෘගයෙක්මය..
සැනින් කෙහෙවළු පටල ගත්ත ද , සොයුරු පෙම නුඹ සිතෙහි නොවුණි ද ?අය්යණ්ඩිලා දෙදෙනාම රැකුමට නුඹ ද මා කී මුසා කදු ගොඩ..
කෝපගෙන දෙදෙනාම බුම්මන් ජල තටාකයේ රුදුරු ජල පොර..
වාචාල කට නුඹගේ දොඩවන , අපහාස මට හුරුව තිබුණ ද
කෝපයේ පාලනය මගේ නොව , එනිසාය එය නුඹට රිදවුම...
YOU ARE READING
_ ඇඹුල් දොඩම්_
Randomඔව්.. අග්නි වෙනුවෙන් මගේ අතට ලැබුන හැම නිර්මාණයක්ම... මේකේ දාන්න කියලා බැලුවේ..