- HIKIZ 4 -

1.9K 361 60
                                    

'' චූටිහ්..කෝපි එකක්.. '' සහන්ස මහන්සියටත් එක්කම ගෙදර ආපු ගමන් සෝෆා එක උඩට වැටුනේ කුස්සියේ තේ හද හද ඉදපු චූටිට ඕඩරේ දාන ගමන්...

'' මහන්සි ද ලොකු අය්යේ ? '' චූටි ඇහුවේ වතුර එක උණුවෙන්න තියලා ඩයිනින් එකින් එබිලා... සහන්ස මහන්සියට ඔළුව වැනුවේ කතා කරගන්නවාත් හරියට පණක් නැති නිසා.. දවස පුරාම ඇවිදලා හොද ගණන් එයාට.. එයා සෝෆා එකේ දාඩිය පිටින්ම හරිබරි ගැහිලා හාන්සි උනේ කකුලත් උඩට ගන්න ගමන්...

'' පොඩි අය්යා කො ? නිදිද ? '' සහන්ස මහන්සිය පැත්තකින් තියලා ඇහුවේ කෙයාන් දවල් කෝල් කරපු නිසාමයි... රණ්ඩු අල්ලලා ගියාට මොකද කෙයාන්ට විනාඩියෙන් අමතක වෙනවානේ රණ්ඩු සේරම...

'' ආහ්... පොඩි අය්යා එක්ක නෙවේද ඔයා ගෙදර ආවේ ?  කො ? '' චූටි ඇහුවේ උරිස් දෙකත් අකුලලා...

'' මාත් එක්ක ? මං යුනි ඉදලා කෙළින්ම මේ ආවේ...  '' සහන්ස අකුණක් ගැහුවා වගේ කෙලින් උනේ සේරම මහන්සිය බල්ලට දාලා...

'' පොඩි අය්යා ආවේ නෑ.. මං හිතුවේ ඔයා එක්ක ඇති කියලා.. '' චූටිත් කිව්වේ කරකියාගන්න දෙයක් හිතාගන්න බැරුව...

'' ඒ මොකද ? දැන් අටටත් ළගයිනේ... සතීශ් එක්ක ගියාද ? '' සහන්ස කලබලෙන් ඇහුවේ එයාගේ ෆෝන් එක අතට අරගෙන.

'' සමහර විට යන්නැති... '' චූටි කිව්වේ හරියටම විශ්වාසයක් නැති ගානට. ... එත් ඒ වෙනකොටත් සහන්ස කෙයාන්ගේ නම්බරේට කෝල් එකක් අරගෙන ෆෝන් එක කනේ තියාගෙනත් අහවරයි.. ගෙදර එන්නැතුව මක් කරනවා ද ? අද මීටින් එකක්වත් පාටි එකක්වත් කෙයාන්ට නෑ කියලා සහන්සට හොදටම ෂුවර්...

'' ම්හු.. '' සහන්ස ෆෝන් එක ආයේම පැත්තකින් තිබ්බේ කෙයාන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා..

'' සතීශ් අය්යාට කෝල් කරලා බලන්න ද ? '' චූටි අහන පරක්කුවට සහන්ස සතීශ්ට කෝල් කරලා ඉවරයි... බඩු දෙකම එක වල්ලේ පොල්නේ... සතීශ්නුත් ආන්ස කරන්නෑ...

'' ටිකක් බලමුකො.. සතීශ් එක්ක ඇති.. '' සහන්ස මිමිණුවේ ආයේම කෙයාන්ගේ නම්බරේට කෝල් කරන ගමන්... ඔරලෝසුවේ දිග කටුව වට දෙකක් කැරකැවෙනකොට නම් සහන්සගේ ඉවසීමේ සීමාව උපරිමේටම ඇවිත් තිබ්බේ... .

HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On HoldWhere stories live. Discover now