02- ඔයා මගේ

1.6K 292 46
                                    

Black Eyes - 02

" අභී..............??? "

" ආහ්...???"

" අපි පාඩම් කරමුද..??"

" අනේ බෑ හිරූ මම අද ගෙදර යනවා.. හෙට අනිද්ද ඉදලා සඳුදා එහෙමම මම ඉස්කෝලෙට එන්නම්..."

මට දැනුනේ මගේ ඔලුවට හෙනයක් ගහනවා වගේ.. අපි දැන් මාස තුනක ඉදලා ඉන්නේ එකට ඒත් එයා ගෙදර යන්නේ ඉරිදට මාත් එක්ක ක්ලාස් ඇරිලාමයි.. අපි එහෙන් කාලා හවස් වෙලා ආයේ බෝඩිමට එනවා...
ඉතින් කවදාවත් නැති ඒ වෙනස් වීම මාව මාර විදියට අවුල් කලා...

" අනේ ඇයි අභී ඒ...?"

" නිකන් හිරූ... මම ගෙදර හිටියෙම නෑ නේ..?"

මම ඉක්මනින් ඇදෙන් බැස්සා... බැහැලා මම ගියේ මගේම කාමරේ පැත්තක තියන අභීගේ ඇදට...
එතකොට අභී එහාට ගිහින් මට වාඩි වෙන්න ඉඩ දුන්නා...
මම එයාගේ මූනටම එබුනේ ඒ ඇස් ඇත්ත ද කියන්නේ බලන්න..

" කියන්න අභී ඇයි ඔයා මාව දාලා යන්නේ...??"

මම අභීගේ අත් දෙකෙන්  අල්ල ගත්තා..ඒ ඇස් මාව මගාරිනවා. ඒක මගේ පපුව තවත් දවනවා...

" හිරූ... මම යන්නම්... පරිස්සමෙන් ඉන්න.. අපි සඳුදා ඉස්කෝලෙදි මීට් වෙමු..."

එයා ඇද යටින් හදාගත්ත ඇදුම් බෑග් එකක් ගත්තම මගේ පපුව පත්තු උනා.. එයා කොයි වෙලාවෙද රෙදි බෑග් එකට දාගත්තේ... මම කල්පනා කලා.. මොකද අපි ඇඳුම් දාන්නේ එකම අල්මාරියේ කෑලි දෙකක.. ඉතින් මම අද උදෙන් එයාගේ ඇදුම් පිළිවෙලට නවලා තියනවා දැක්කා...
ඒත් දැන් ඒ සේරම බෑග් එකේ තියෙන්නේ අභී ආපහු මං එක්ක නවතින්න එන්නේ නෑ කියන එක ද..???
මගේ හිත කෑ ගහලා අඩන්න ගත්තා..

හිතේ අදෝනාව මගේ ගැඹුරු ඇස්වල උතුරන්න පටන් ගත්තේ මටත් නොදැනිමයි...

" ඔ...ඔ...යා මාව දා..ලා යන..වද....අභී...???"

මම බිඳුණු කටහඩින් ඇහුවට සමහර වචනවලිදි මට දැනුනේ මගේ පපුව හිර වෙනවා වගෙයි...
ඊලග තප්පරයේ පපුව ඇතුලේ තිබ්බ දුක කඳුළුවලට හැරෙද්දී අභී ඇදෙන් නැගිට්ටා..
එයා නැඟිට්ටම මට මහා මූසල හැඟීමක් දැනෙන්න ගත්තා...
තවත් මට ඉවසන්න බෑ.. මම අභීගේ පිටිපස්ස ඉන වටෙන් අත දාලා අභීගේ කොණ්දට මගේ ඔලුව හේත්තු කරගෙන කෑගහලා අඩන්න ගත්තා..

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now