_ කුඩා කාළය 1 _

138 35 21
                                    

-අග්නිගේ ළමා කාලය ඉදන් ධීර , භාසුර , මිධුනාථගේ හැගිම් සහ සිද්ධි.. සමහර දේවල් කවියෙන්. ඒත් මට කවි ලියන්න කම්මැලි හිතුනා මැදදි. ඒක නිසා වචනින් දාලා ඇත්තේ.. දන්නවානේ මගේ හැටි හිකිස් -

අවස්ථාව 1 - ධාරනාග රජුගේ කෙනෙහිලිකම් ඉවසාගත නොහී , නිර්මලා දේවිය සිව් හැවිරිදි වූ සුලෝධජ කුමරුන්ද සමගින් තීර්ථ මාළිගය හැර ගිය රාත්‍රිය -

අවරගිර ද හිරු බැසයන සැන්දෑ යාමෙක..
අම්බරය ද සදු නැග එන නිශානු සමයෙක..
නක්ෂත්‍රයෙන් මන දිලිසෙන ඝන නිල් අහසට..
වලාවෙන් ද මුවා වියා සගවන තිමිරය..

රෑ බදුලන් කණාමැදිරි එළිය කල රැයේ..
අභිනික්මන මහ මැදුරෙන් දොරටු හැරගියේ...
තුරුළ් වෙලා එල්ලීගෙන ඇගේ සුළැගිල්ලේ..
සොයුරු භාසු රවන සැරෙයි සිත බියවැදුනේ...

.
.
.
.
.
.
.

අවස්ථාව 2 - භාසුර / භාසුරු / භාසු යනු තීර්ථ මාළිගයේ අශ්ව පල්ලෙකුට දාව උපන් දාසයෙකි. නිර්මලා දේවිය පලා ඒමේදි භාසු දොළොස් හැවිරිදි පමණ වියේ පරිණත - දක්ෂකම් දැක්වූ යොවුන් තරුණයෙකු විය . කිසිදු බරක් පතළක් නොතේරෙන සිව් හැවිරිදි වූ සුලෝධජ කුමරුන් කෙළි දෙලෙන් කොම්පිට්ටු තනවද්දි භාසුර උවමනාවෙන් පුහුණුවීම් කටයුතුවල නියැලුණේ ය. ඔහුට පෞද්ගලිකව සුලෝධජ කුමරු ඇතුළු රාජකීය පරම්පරාව කෙරේ වූයේ අපුලකි.

සුලෝධජ -
'' මාළිගාවේ වගේමයි ද අනුරුධ අසපුවේ පිට්ටු..
වැලි කැටකැට අමුණාලා හැදුවේ මං කෝම්පිට්ටු
තරහක් නෑ අය්යණ්ඩි දැමුවත් කකුලෙන්ම තට්ටු..
අසුන් අරන් අපි හදමු ද අසපුවටම කෝම්පිට්ටු ... ''

භාසුර -
'' මුග්ධ කුමරු සදයි මෙලෙස පලක් නැතිව කෝම් පිට්ටු..
අසපුවටම තැනවූවාත් අනුභව රිසි නොවෙය ඔට්ටු...
දැන් කුමට ද රවන්නේ ඔය මුහුණ හැඩයි කෝම්පිට්ටු..
අසිපත ගෙන පුලින තලේ වැද කරලනු මෙමා මට්ටු.. ''

.
.

.
.
.
.

අවස්ථාව 3 - අනුර්ධ අසපුවේ ගෙවන දෙවසර පුරාවට සුලෝධජ වෙනස් වන්නේ අහස වෙනස් වෙනවාට වඩා වේගයෙනි. සිය කරමත පැටවුණු රාජකීය වගකීම් සැනින් වටහා ගනිමින් ආරෝපණය කරගත් වගකීම් සහගත බවක් දැරීමට කුමරු උත්සහ කරන්නේ ය. සිත යටින් තමාගේ සියලු ළමා අශාවන් මැඩ පවත්වා ගනිමින් රජකුමරුවෙකුගේ න්‍යාය ධර්මයන් හා ප්‍රතිපත්තින් පිළිපැදීමට ඔහුට සිදුවේ . ධීර හෙවත් දරිද්‍රාර අනුර්ධ අසපුවේ දොරටු අසළ සිහිසුන්ව වැටී තිබියදි නිර්මලා දේවියගේ ඇස ගැටෙන්නේ මේ අතර තුරේ ය. ඇය සුලෝධජ වෙත පුදන මාතෘ ස්නේහයෙන්ම දරිද්‍රාර වෙත පුදමින් ඔහුව හදාවඩා ගනියි. දරිද්‍රාරගේ නාමය වෙනස් කරන ඈ එයි වීරත්වය හා බුද්ධිය කැටිවූ අරුතින් ධීර යනුවෙන් වෙනස් කරයි.

ධීර -
යාළු කිමද රවා ගෙනම , වැලි අලුවා රස නොමැති ද ?
කිම අසිපත ඔසවාගෙන , දෑතට එය බර නොමැති ද ?
කිම ඔතරම් කෝපය අද ? මුනි ඇදුරුන් බැණ වැදුනා ද ?
මැණී නුඹව විමසු කළ නුඹ අද එහි නාවේ කිම ද ?

කුමරෙකු බව නැහැ දන්නේ , කමාව මගේ පිළිගන්නේ..
අසිපත් හරඹය නිසා ද කරගැට ඔය දෝත දිගේ ?
ඔසු ගල්වා පිරිමැදලා වෙළුම් යොදන්න ද ඔතලා ?
සොයුරු භාසු පැවසුවේ නම් යොදන ලෙසයි ලුණු අඹරා..

.
.
.
.
.
.
.
.

අවස්ථාව 4 - සුලෝධජ සත්වසර සපුරන විට ධීර ද අනුර්ධ අසපුවේම අධ්‍යාපනය ලබන්නේ වාග්ෂ්ඨ මුනිගේ ද නිර්මලා දේවියගේ ද ආශිර්වාදයෙනි. සිගිති වියේ පසු වුවත් ධීරගේ දේහ ලක්ෂණ නිරීක්ෂණය කළ වාගිෂ්ඨ මුනි ඔහු කෙරේ වූ විශේෂයක් හදුනා ගනී . එබැවින් භාසුරට හිමි නොවූ විශ්ව ශක්තිය ද වාගිෂ්ඨ හිමි විසින් ධීරට උගන්වයි . ධීරගේ බුද්ධිය සුවිශේෂී වෙද්දි ඔහු දක්ෂ ලෙස මානසික ශක්තින් ද වැඩි දියුණු කරමින් අනුර්ධ අසපුවේ ඇතිදැඩි වූයේ නිර්මලා දේවියටත් , තම අඩ සොයුරාටත් දැඩිව සෙනෙහසිනි. ධීරගේ ලෙය තුළ දුවන්නේ ධාරනාග රජුගේ රුධිරය වග නිර්මලා දේවිය දැන හුන්නා ය. භාසුර ස්වභාවයෙන්ම නිහඩ චරිතයක් වෙද්දි ඔහු වැඩි වශයෙන් සිය ගුරුතුමන්ගේ විශ්වාසය දිනාගනිමින් ඔහු වෙත සමීප විය. සියලු කටයුතු මෙලෙස සිදු වෙද්දි සුලෝධජ සත් හැවිරිදි විය සැපිරීමට ආසන්නව තිබිය දී අනුර්ධ අසපුව වෙත ආගන්තුක ආගමනයක් සිදුවේ .

'' බවමාලයෙන් ඔතා සේ ධවල සළු ද දුඹුරු වී ගියේ ?  ''
වැහි කෝඩයෙන් පිරුණු අහස ද නුඹේ දෑසින් ඇද හැලෙන්නේ ?
හිරු මුවා කරගත් ලෙසින්ද ඇයගේ පසුපසට වී සැගවෙන්නේ ?
ඇගේ සළුවේ එල්ලි සිටිමට පමණ ද නුඹට වාරු ඇත්තේ ?

ඉරිලා වැරහැලි වෙලා ගියපු වළාකුළු වගේ සුදු පාට ඇදුම්වල මඩ නාගෙන ඉදපු ආගන්තුක අමුත්තා සුලෝධජට ලොකු ප්‍රශ්නයක්.. වැස්සට පෙර අදුරු කරපු අහස වගේ මැලවිලා තිබ්බ මූණේ වැස්ස ද ඔය ඇස් දෙකින් වැටෙන්නේ කියලා කුඩාවා අසන්නේ විශාල කුතුහලයකින්.... මෑණියන්ගේ සළුවේ එල්ලිලා ඉන්න විතරද පුළුවන් කියලා , කිතා දේවියගේ සළු අස්සෙන් යන්තම් මූණ ඔබාගෙන අඩ අඩ නාථගෙන් සුලෝධජ සිතින් විමසයි.

ඉදින් මේ නොරිස්සුම් සහගත කුඩාවා එතැන් සිට ඔවුන් හා ම අනුර්ධ අසපුවේ නවාතැන් ගන්නා විත්තිය සුලෝධජගේ කන වැකෙන්නේ..




( ඉතිරිය පසුවට - මට දැන් නිදිමතායි)

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now