04 - ඔහු සමඟ

1.4K 255 41
                                    

Black Eyes -04

මං උදේ නැගිටිද්දී මගේ ඔලුවට පොඩි බර ගතියක් දැනුනා...

" ආව්..."...

මම ඔලුව ඉස්සුවා... ඇස් දෙකත් ඇරගන්නම බෑ වගේ.  උගුරත් රිදෙනවා ඇගත් එක්කම...
මම නිදාගෙන තිබ්බෙ පාඩම් කර කර හිටපු මේසේ උඩමයි...
මම නැගිටලා හෙව්වේ මගේ අභීව...

" අභී...??? ඔයා කොහේද..??"

එතකොටම මම දැක්කේ එයත් කෙලවරේ එයාගේ පොත් මේසේ උඩ නිදි කියලා.. පව් කොල්ලා.. මම අමාරුවෙන් මේසෙට බර දීලා නැගිට්ටා...

" අභී.....??? අහ්..? අභී කෝ බබා නැඟිටින්න...!

" හා...............!"

අනේ අම්මපා මෙහෙමත් හුරතලයක්... තාම ඇස් ඇරලා නැතුව හිරිකඩනවා මේ කොල්ලා...

'" හිරූ.....ගුඩ් මෝනින්..."

" හ්ම්ම් වෙරි ගුඩ් මෝනිම් රන්.."

මම අමාරුවෙන් කෙල ගිලින ගමන් එයාට කිව්වත් එයා ලගටම ගියේ නෑ මගේ ඇගට හරි නැති නිසා.
ඒත් මගේ වචනවලට එයාගේ මූනේ උදේම ලස්සන හිනාවක් ඇදුනා.. මූනත් රතුවෙලා ගියා කියලා මම ගිනි දැල්...
ඒත් මගේ ඇගට දැනෙන අමාරුවට මට එක පාරටම ඔලුව කැරකිල්ලක් ආවා.. මගේ ඉස්සරහා හිටපු අභී වගේම මගේ වටේ ලෝකෙම කැරකිලා ගියා වගේ මට දැනුනා..
එතකොටම මට දැනුනේ මාව ඇදගෙන වැටෙන්න යනවා කියලත් ඇග වටේම අමුතු සීතකින් මාව වෙලිලා යනවත් දැනුනා...

*************

මගේ ඔලුව පැලෙන්න වගේ රිදෙනවා..ඒත් මං අමාරුවෙන් ඇස් අරින්න උත්සහ කරත් මට බැරි උනා.. මං මගේ අතක් උස්සන්න හැදුවා ඒත් මුකුත් කරගන්න බෑ.. මට කතා කරගන්න කට අරින්න හැදුවට ඒකත් බෑ...
මම මැරිලද..???
එහෙමම මම ආයෙම මගේ හිත ආපහු නිදිකරවගත්තා...

ටික වෙලාවකින් මගේ පිටි අල්ලට දැනෙන සීතක් එක්ක මං ආපහු ඇස් අරින්න try කරා...
අමාරුවෙන් අමාරුවෙන් මම ඇස් ඇරගත්තම මම දැක්කේ මගේ ඇස් දෙකට උඩින් තියන නිල් පාට නෙට් එක...
ඉස්සෙල්ල තරම්ම අමාරුවක් ඇගට නොදැනුන නිසා මම මගේ අත දිහා බැලුවේ ඇගට නොදැනෙන සීත අතට දැනෙන්න ඇයි කියලා...
ඒත් මම දැක්ක දේ නිසා මාව ගැස්සුනා..
පපුවත් නිකන් අමුතුම වෙලා ගියේ අභීගේ කඳුළු දැකලා..

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now