1 වන කොටස

2.5K 231 32
                                    


" ප්ලීස් ,යසිරු තේරුම් ගනින්කො මං එයාට කැමති නෑ ....මං අකමැති එකෙකුට මං කොහොමද බං කැමති වෙන්නෙ...."

යසිරු ගෙනාපු යෝජනාව නිසා මගෙ යකා ඇවිස්සුනා...

"උගෙ මොන අඩුවක්ද සෙහස්....ඌ උබට පණ ඇරලා...නැත්තන් මෙච්චර උබ බෑ බෑ ගාද්දි මෙහෙම පස්සෙන් එන්නෑනෙ... අනික ඉස්සර අපේ ඉස්කෝලෙ හොදයි කියලා එකෙකුට හිටියේ ඉන්දීවර අය්යා විතරයි...."

යසිරුගේ මේ මල විකාර නම් මහා ඔලුව කැක්කුමක්...ඌට ඔච්චරටම ඉන්දීවර හොදයි නම් ඌටම බැදගන්න තිබ්බනෙ.... මට මොන මගුලක්ද කියන්නෙ...#

" උබට ඔච්චරටම ඉන්දීවර හොදයි නම් උබ පලයන්කෝ ඌත් එක්ක....මට පාඩුවෙ ඉන්න දීලා..."

" අනේ මේ සෙහස් ...උබව නම් මට තේරුම් ගන්න අමාරුයි බං....උබේ කැමැත්තක් ඉතින් ...මං උබට බලකරන්නෑ...ඒත් මං කියන්නෙ ආපහු හිතලා බලපන් ..."

යසී කියලා ඉවර වෙද්දිම මාව ඉස්සරහට විසික් උනේ දුශේන් කොහෙදෝ ඉදන් දුවන් ඇවිත් මගේ උරහිසේ එල්ලුන හින්දා ....

" තො කොහෙද බල්ලො යන්නෙ...පාර බලාගෙන පලකෝ...පව් නොදී...කොහොමත් තෝ විතරයි මෙතනට අඩු වෙලා තිබුනේ..."

" මේ බලපන්කෝ යසිරු මූට යන කේන්තියක් ..."

" ඇයි උබ දන්නැද්ද මූ හෙන කුකුල් කේන්ති කාරයා කියලා ..."

" හරි හරි දැන් මෙහෙම පාරෙ ඉන්න බෑනෙ ...වරෙන් ගෙදර යන්න..."

මම කිව්වෙ මුන් දෙන්නව පාරෙ තියන් ඉන්න එක හොද නැති හින්දා

අපි පාර දිගේ ඇවිදන් කතා කර කර ආවත් මං වැඩිය කතාවට ගියේ නැත්තෙ මුන් දෙන්න එක්ක තියෙන කේන්තිය පෙන්නන්න...

" බලහන්කො දුශේන් මුගෙ පිම්බිල්ල...මූට තරහා ගියාම මාරම ලස්සනයි නේ...."

යසී හිනාවෙවි කියද්දි මගෙත් කට කොනින් ලාවට හිනාවක් ඇදුනේ පරණ කේන්තිය ටිකෙන් ටික නැති වෙලා යනකොට...

" මේං මූගෙ කේන්තිය නිවිලා...."

දුශේන් එහෙම කිව්වෙ මගෙ මූනෙ හීනියට මැවුන හිනාව දැකලා...

ඔහොම ඉතින් අපි ගෙදරට ආවා...මගේ ගෙදර ඉතින් මුන්ගේ ගෙදර වගේ තමයි....

මන්දාරම්Where stories live. Discover now