3 වන කොටස

1.1K 194 44
                                    

මට තවත් මේවා අහන් ඉන්න ඕනිකමක් තිබුනෙ නෑ ... මාව වාරුකරන් හිටපු දුශේන්ගෙයි යසිරුගෙයි අත්වලින් මිදිලා මං පිරිපස්ස හැරිලා දිව්වෙ එක්සිට් එකට..

" නැවතියන් සෙහස්..."

" කොහෙද දුවන්නෙ සෙහෙස් ඔහොම ඉදපන් .."

යසිරුයි දුශේනුයිත් මගෙ පස්සෙන් දුවගෙන ඇවිල්ල මාව අල්ලගත්තා...

" හරි මැණික...අපි යමු ගෙදර ...කෝ හොද ලමයා වගේ අඩන්නැතුව ඉන්නකෝ...."

යසිරු මාව ගෙනිහිල්ලා කාරෙකේ පිටිපස්සෙ සීට් එකකින් ඉන්දලා එයත් මගෙ එහා පැත්තෙ ඉදන් මගෙ ඔලුව එයාගෙ උරහිසට බරකරගත්ත

" උබට මොකක්ද උනේ මැණික...🙁"

" දන්නෑ යසී...මට තාමත් හිතාගන්න බෑ මට මොකක්ද උනේ කියලා 😢 "

" උබට තිබුනා උබව පාලනය කරගන්න...මොනා උනත් උබ කරේ මහ බලු වැඩක්..." දුශෙන් කා එක අරන් යන ගමන් තරහින් කිව්වා...

වෙනදට කවුරු මොනා කිව්වත් අනිත් පැත්තට දෙපිට කැපෙන වචනයක් කියලා දාන මං අද නිහඩ උනේ මගෙ අතේ ලොකු වැරැද්දක ලකුනු තිබුනු හින්දා ...

" ඌට බනින්නෙපා දුශා... "

" අනේ බං මට මාව පාලනය කරගන්න තියා මට මොකක්ද උනේ කියලවත් මං දන්නෑ ...ශික් 😢😢😢😢 "

මගෙ ඇස් තාම කදුලින් බර වෙලා...යසී මගේ කදුලු පිහද්දි යසීගෙ උරහිසේ මං මගෙ මූන ඇතිල්ලුවා...

" හරි හරි දැන් අඩන්නැතුව ඉදපන්කො ...මං නම් හිතන්නෑ ආයෙ කවදාවත් ඉන්දීවර අය්යා ආයෙ ඔයාගෙ පස්සෙන් එයි කියලා "

එක පාරටම මං ඔලුව උස්සලා යසී දිහා බැලුවේ " ඇත්තටම එන්නැති වෙයිද " කියලා අහන බැල්මකින්...ඒත් එක්කම මගෙ කදුලු
සට සට ගාලා ආයෙත් වැටෙන්න ගත්තා...

" ඇයි ඔහොම බලන්නෙ..."

" නෑ බං මුකුත් නෑ "

කියන ගමන් මං මගෙ කදුලු අත් දෙකින්ම පිහිදගත්තා...අපි ගේ ගාවට ආවා...අපි ගෙදරට යනකොටම අත්තම්මා ආවෙ ගේට්ටුව අරින සද්දෙ ඇහිලා වෙන්නැති ...

" අහ්...සුදු ආවද ...ආ...මේ දරුවො දෙන්නත් ඉන්නෙ... එන්න ගෙට...

මං කෙලින්ම කාමරේට යද්දී යසීයි දුශූයි මගෙ පස්සෙන් ආවා...

මන්දාරම්Where stories live. Discover now