05 - නිහඬතාවය

1.3K 252 36
                                    

Black Eyes - 05

හසිය අභීව උස්ස ගත්තම මම බලාගෙනම හිටියේ හසිය අභීගේ කොයි කොයි තැන්වලින් ද අල්ලලා උස්සන්නේ කියලා..
මටත් පුදුම පිස්සුවක් ගහලා මේක...
මට කලිනුත් අභීගෙන් තොර ලෝකයක් තිබුණෙ නෑ..
ඒත් දැන් අභී ගැන මට තියෙන්නේ තනිකරම තණ්හාවක්..
ඔලුවේ වැඩ කරන්නෙම අභී මගේ මගේ මගේ මගෙවිතරමයි කියන එක විතරයි...
එයාව වෙන කවුරුත් අල්ලනකොට මගේ මුළු ඇඟම  දවනවා...
හසියා උස්සලා තියන්න හැදුවම අභී එක පාරටම ගැස්සියලා ඇහැරිලා බය උනා..තව ඩිංගෙන් හසියගේ අත් දෙකෙන් පැනලා බිමට වැටෙනවා...

" අඩෝඅඩෝ ඉදපන්. මම හසිත්... !"

අභී ගැස්සිලා වගේ එක පාරටම දඟලලා ඌ අතින් බිමට බැස්සා.. මගේ හිතටම මල් යායක් පිපෙද්දි මගේ මූනට හිනාවක් වැටෙන්න ඇති.

" හිරූ...??"

අභී නිදිමරගතේම බැහැලා ආවේ මං ලගට එතකොටයි එයා දැක්කේ මගේ වටේ ඉන්න කට්ටිය....
අහ් පොඩ්ඩක් ඉන්න අර මොකාද ඒ...?
මම වටපිට බලද්දි හිටියේ අර දේවි එකේ කෙල්ල ඒකි එක්ක තව කෙල්ලෙක් හිටියා...
යකෝ මං මෙච්චර වෙලා දැක්කේ නෑනේ...
මම උන් දිහා බලද්දි මං දැක්කේ අභී මන් දිහායි උන් දිහායි බලනවා...
දෙවියනේ මොන මරාලයක් ද මේ කවුද මුංව ගෙනාවේ...??

" දැන් ඔයාට කොහොමද මෙහෙම ඔක්කොම වට වෙලා ද උඹලා ලෙඩ්ඩු බලන්නේ ඉන්නවනම් දෙන්නා ගානේ හිටපල්ලා ලෙඩාට වද දෙන්න එපා...!"

අභී කියාගෙන කියාගෙන යද්දි කෙල්ලො දෙන්නගේ මූන අල වෙලා ගියා..
මම බලන් හිටියේ කටත් උල් කරන් කියෝන මගේ රන් කැටේ දිහා...
රෝස පාට තොල් උල් කර කර කියවද්දි හුරතලේ බෑ...

" හපෝ හරි හරි බන්.. අපි යන්නම්.. මෙන්න මේවා ගනින්... !"

උන් මේස උඩ පළතුරු බෑග් එකක්ම තියද්දි අර කෙල්ල මල් එකක් අරන් ඇවිත් පැනි හිනාවක් එක්ක මට දුන්නා...

" ඉක්මනින් සනීප වෙන්න හිරුජ... නැත්නම් ක්ලාස් එකම පාළුයි...!"

ඒකි කියද්දි මම සේප් හිනාවක් දාලා මල් එක ගත්තා...
නිකමට මං අභී දිහා බලද්දි අභී ගස්සලා අහක බලාගත්තා...

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now