6 වන කොටස

913 137 33
                                    


දන්නෑ කියන්නෙ ඉතින් මං ආශ්‍රය කරලා නෑනේ ...ආශ්‍රය කරන්නැතුව කොහොමද දන්නෙ හොදද නරකද කියලා ..."

" හරි හරි ආශ්‍රය කරන්න පුළුවන් ඉතින් ...මං අහන්නෙ පිටින් බැලුවම කොහොමද කියලා ..."

" හොදයි ...ලස්සනයි ..."

" ඒ කියන්නෙ ඔයා කැමතියි නේ..."

" මං කැමති නෑ ..." මං කිව්වෙ අහක බලාගෙන ...

" මොකක්ද ඉන්දීවර ඒ කතාවෙ තේරුම...😡 "

" ඉතින් තාත්තෙ මං කැමති නැත්තන් මං මොනා කරන්නද .."

" හරි හරි ඒවෑන් වැඩක් නෑ .ඔයා ඒ කෙල්ල එක්ක කතා කරලා බලන්නකෝ... බලලා මට කියන්න ...කොහොම හරි මේ කසාදෙ සිද්ධ වෙයි ..අනික ඒ අම්මට තාත්තට ඉන්න එකම ලමයා...හොදට දේපල තියෙනවා ...බිස්නස්නෙ...තාත්තා මගෙ යාලුවෙක් ...එයාමයි මේ යෝජනාව ගෙනාවෙ..."

" ඒත් තාත්තේ..."

" හරි හරි කතා ඕනි නෑ ...ඔයා බලාගෙන ඉන්නකෝ..."

" තාත්තෙ මට මගුල් හොයන්න එපා .." මං එහෙම කිව්වෙ දරාගන්න බැරි පීඩනේකින් ...

" එහෙනං ..."

" මට ඕනි කෙනා මං හොයාගන්නම් ..." මං එහෙම කියාගෙන ගියේ කුස්සියට ...

" මොකක්ද අම්මෙ අර තාත්තා කරන්න යන්නෙ ..."

" තාත්තා ඔයාගෙ අනාගතේ ගැන හිතලයි එහෙම කරන්නෙ ..."

" ඒත් මං කැමති නෑ .."

" කැමති නෑ කියන්නෙ .."

" කැමති නෑ කියන්නෙ ඉතින් කැමති නැති හින්දා .."

" අනේ මංද පුතා... මට තාත්තගෙ වැඩ වලට අත දාන්න බෑ ...ඔයා දන්නවනෙ එයාගෙ හැටි ..."

අම්මා එහෙම කියද්දී මගෙ පීඩනය තවත් වැඩි උනා...එහෙම්ම මං කාමරේට ආවා...

ඇවිල්ල මං ටිකකින් සුදූට කෝල් එකක් ගත්තා...

Calling ...

Ringing ...

- අය්යේ...😍

- ම්ම්...

- ඇයි ඉස්සෙල්ලා අම්මා කතා කරේ...

- කන්න...

- ම්ම්...දැන් කෑවද ..

- හ්ම් ..

- හෙට ඔෆිස් යන්න ඕනි නේද...

මන්දාරම්Where stories live. Discover now