8 වන කොටස

860 124 26
                                    

" අය්යෙ...ඔයා මේ මොකක්ද කරන්න යන්නෙ.... " ඉන්දීවර අය්යා බෙල්ට් එකත් ගලවගෙන මගෙ දිහාට එද්දි මං එහෙම ඇහුවා...

ඉන්දීවර මට මහ අමුතු බැල්මක් දාලා කලිසමේ බොත්තමයි සිපර් එකයි ඇරියා...

" අය්යෙ මේ මොකද මේ.. "

අය්යා මුකුත් කතා කරන්නැතුව මගෙ මූනට ලං වුනා...

" සුදූ "

තව තව ඉන්දීවර අය්යා ලං වුනා...

" සුදූ..."

තව ටිකක් ඉන්දීවර අය්යා ලං වුනා...

"සුදූ.. නැගිටපන් භළ්ළෝ ..."

මොකක්...එතකොට මේ හීනයක්ද...සැක්..කෑවනෙ...කෑවනෙ.....😰

මං නැගිටිද්දි හිටියේ මගෙ සිහින කුමාරයා.........😍 නෙවෙයි ..අර බූරු ගෝත යසිරු...😡

" නැගිටපන් යකෝ...ලෑස්ති වෙයන්..."..

" වද දෙන්නැතුව පලකෝ..."

" අනේ බං පරක්කුයි..."

නැගිටලා ඇදෙන් ඉදගත්තු මම ෆෝන් එක අරන් බැලුවෙ වෙලාව...

5 :15

" මොකද යකෝ මේ මහ රෑ ඇහැරුවේ ..." මං ඇස් පොඩි කර කර ඇහුවෙ යසිරුගෙන්...

" අනේ බං වැඩ තියෙනවා ...උබ ඉක්මනට ලෑස්ති වෙලා මේ ඇදුම ඇදගනින්..."

" ඒක නෙවෙයි උබලා මොකෝ මේ වෙලාවෙ මෙහෙ කරන්නෙ...ගෙවල් නැද්ද තොපිට..." 😰😰

" ඉක්මනට ඕක ඇදගනින්..පැය භාගයයි දෙන්නෙ..." එහෙම කියාගෙන යසිරු එලියට ගියා...

මොන වේ#කමක්ද අනෙ මේ...මොන මගුලක් කරන්නද මේ රෑ ජාමෙ ඇහැරුවේ...

එහෙම කිය කිය මං බැලුවේ බෑග් එකක දාලා තිබුනු යසිරු ඇදගනින් කියලා දීලා ගියේ මොකක්ද කියලා ...

" මේ මොකක්ද අප්පා මේ...කාගෙද මගුල...😕"

ඒ බෑග් එකේ තිබුනේ රත්තරන් පාට සරමයි...ලා ක්‍රීම් පාට දනිස් දෙක ගාවට තිබුනු කෝට් එකයි රත්තරන් පාට සාටකයකුයි...

මං ඒවා ඔක්කොම පැත්තක තියලා ගියේ ඉන්දීවර අය්යගෙ කාමරේට...

" අය්යේ "

කෝ යකෝ මෙයා...කොහෙ ගිහිල්ලද ...මොකක්ද අප්පා මේ වෙන්නෙ....හිතාගන්න බෑ ...මාව නිකන් කරකෝලා අතෑරියා වගේ මං කල්පනා කරා....

මන්දාරම්Where stories live. Discover now