07 - රන් බබා

1.2K 223 65
                                    

Black Eyes -07

කන ගාවින්ම ඇහුණ Alam එකට මම ගැස්සිලා ඇහැරුනා වෙලාව හරියටම 11 යි.... මේ කොලු පැට්ටා මගේ ඇගටත් කකුල දාගෙන මගේ ටී එක උස්සලා පපුව උඩින් ඔලුව තියාගෙන හොඳටම නිදි... මං අභී දිහා බැලුවම මගේ හිත සෙනෙහසකින් පිරිලා ගියා... ඇත්තටම මේකද ආදරේ කියන්නේ.. මගේ පපුව අමුතු හැඟීම් ගොන්නකින් පිරෙද්දි මම අභීගේ නලල ආපහු කිස් කරා.. මට තේරෙන්නෑ මේ සුදු මූන ඉඹින්න මම මේ තරම් ආස ඇයි කියලා....

" රන් බබා නැඟිටින්නකෝ......????"

" ම්හ්....!"

මම හිමීට එයාගේ කන් පෙත්තක් අතගෑවා.. ඔන්න එත්කොටනම් කොල්ල අමාරුවෙන් ඇස් අරින්න හැදුවා.. ඇත්තටම පිස්සු කෝලමක්... හිත පුරාම මේ හුරතලේ අරක් ගද්දී මම එයාව උරහිස්වලින් උඩට අරන් මගේ පපුව මැද්දෙන් තියාගත්තා...

" රන් බබා කෝ අනේ...??"

" අනේ...හිරූ ඔයා මට තව නමක් දැම්ම ද අනේ.."

ඇස් පියාගෙන උනත් ඒ මූනේ ඇදුනේ ලස්සනම ලස්සන හිනාවක්.... ඒ හිනාව ලඟ මගේ ඇස් නවතිද්දී අභී ඇස් ඇරලා මගේ දිහා බැලුවා.. අපේ ඇස් එකිනෙකට පැටලිලා ආදරණීය කතාවක් කියන්න හදද්දි මම ඒ කළු පාට දීප්තිමත් ඇස් මත හාදු දෙකක් තිබ්බා...
එයා තවත් මාව තදින් බදාගනිද්දී මම එයාවත් අල්ලගෙන ඇදෙන් වාඩි උනා...

" ආශ්... අපි පාඩම් කරන්න ඕනි මගේ වස්තුවේ... දෙවියනේ ඩොක්ට කෙනෙක් වෙන්න හීන මවන කොල්ලෙක් ද මේ පාඩම් නොකර කම්මැලි වෙලා ඉන්නේ..."...

මම නෝක්කඩු කියද්දී කොල්ලා මගේ උකුලේ හැරි බැරි ගැහිලා වාඩි වෙලා මගේ බෙල්ලට සිපුමක් තිබ්බා....
ඒත් එක්කම ආපහු මගේ Alam එක කෑගහද්දී මම අභී එක්කම ඇදෙන් බැහැලා අපේ චූටි කුස්සියට ගියා.. එතන ප්ලග් පොයින්ට් එකක් හීටරයක් ජෝගුවක් ඇලුමිනියම් භාජනයක්, මග් දෙකක් , පිඟන් දෙකක් තිබුණා...
මම කෝප්පෙට වතුර එකක් ගන්න කෝප්පේ ගත්තම අභී මගේ අතින් කෝප්පේ ගත්තා...

" මම හදලා දෙන්නම් ඔයා ගිහින් මගෙ නෝට් ටිකත් අරන් ලෑස්ති වෙන්නකෝ..!"

මම නිහඩවම එයාගේ අතට කෝප්පේ දීලා එයා කිව්ව විදියට පාඩම් මේසෙට ගිහින් ඒ වැඩේ කලා.. එයා කිරි කෝපි දෙකක් එක්ක චොකලට් බිස්කට් පැකට් එකකුත් කඩාගෙන මං ලගට ආවා...
එයා මට එක කිරි එකක් දෙද්දී මම ඉක්මනින් පුටුවෙන් නැගිටලා හිතට ආපු දඟකාර අදහසක් නිසා එයා බාගෙට කටට අරගෙන හිටපු චොකලට් බිස්කට් එකේ ඉතුරු ටික කඩාගෙන කෑවා...
එතකොට එයාගේ ඇස් දිලිසෙනවා මම දැක්කා..
ඒ නිසා මගේ හිත පුරා මල් යායක්ම පිපෙන්න පටන් ගත්තා...
අපි දෙන්නම තරගෙට වගේ පාඩම් කරේ අපි එකිනෙකාට නොදැවෙනි ටාර්ගට් එකක හිටපු නිසයි....
ඇත්තටම මට ඕනි එයා එක්ක ජීවිතේ දිනන්න.. මගේ හීනවලට යන්න...
ඒ නිසා අපි ආදරේ විතරක් නෙවෙයි ඉගෙනත් ගන්න ඕනි වයස නිසා හැම දෙයක් ගැනම හොඳ අවබෝධයකින් අපි හිටියේ..

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now