08 - අමනාපය

1.1K 252 75
                                    

Black Eyes - 08

" රන් බබා ඔයා ඒ පැත්ත බලන්න එපා... උන් ඔයා දිහා බලන්නේ..."

ගේ ලේ හොඳටම රත් වේගන ආවේ ඒ පාදඩ ඇස් මගේ රන් බබා දිහාවට යොමු වෙලා තිබුණු නිසා...
වෙතුජ , විහස් , බිවෙන්  කියන්නේ මගේ රන් බබා නිසා පංති තහනම් වුන තුන් දෙනෙක්.. උන් ස්කූල් එක පිටිපස්සේ ඉදන් මර්$#නා ගහලා මගේ කොල්ලා උන්ව ස්කූල් එකට අල්ලලා දුන්නා..
මොකද අපි දවස් ගානක් උන්ට ඒක එපා කියලා නවත්තන්න උත්සහා කලා.
උන් නිසා පොඩි පංතිවල සෙට් එකක් ඒවට හුරු වෙලා අපි දවස් දෙකක් අවවාද කලා..
ඒත් හරි නොගිය තැන මම වොෂ් රූම් එකට ගිය වෙලාවේ අභී ගිහින් හෙඩ්ට සේරම කියලා තිබුණා...
අන්තිමට මාව වැඩේට ගෑවුනේවත් නෑ ඒ වෙනුවට මගේ අහිංසකයා එක්ක උන් වෛර බැදගෙන ඉන්නේ...
ඒක මට දරාගන්න අමාරුයි..
ඒ නිසා කවදාවත් මම අභීව තනි කලේ නෑ..
ඒක මම එයා මං එක්ක බෝඩිමේ නවතින්න කලින් ඉදලම කරපු දෙයක්..
මම ස්කූල් යන්නෙ නැත්නම් අභීත් අනිවාර්යයෙන් නිවාඩු දාන්න ඕනි..
එයා නිවාඩු දැම්මට මම ස්කූල් ආවා.. ඒත් අභී කොහෙද මොකක්ද කරන්නේ මොකටද නිවාඩු දැම්මේ වගේ සේරම ප්‍රශ්නවලට උත්තර මම දැනගෙන හිටියා...
මට නොකියා අභීට කවදාවත් මුකුත් කරන්න මම දුන්නෙම නෑ...
සමහර විට ඒ විදියට තිබ්බ අපේ යාලුකම නිසා වෙන්නැති අපි අද මේ තරමට ආදරේ කරන්නේ.. මේ තරමට ලස්සන ආදරේක අතරමං වෙලා ඉන්නේ...

මමයි අභීයි කාලා නැගිටින්න හදනකොට විහසයා ඇවිත් අභීගේ ඇගේ හැප්පෙන්න හැදුවා...
ඒත් මම අභීව අතින් ඇදලා අපේ තැන් මාරු කරගත්තම විහස් ඇවිත් මගේ ඇගේ හැපුනා....

" මොකද උඹට ඉඩ නැද්ද හිරුවා අපේ ඇගේ ඇලෙන්න එන්නේ...?"

විහස් මට වඩා අඟල් 3ක් කොටයි.. ඒත් ඌ මගේ ඉස්සරහට ඇවිත් ඇගිලිවලින් ඉස්සිලා මගෙන් ගේම ඉල්ලන්න හදනවා... වෙලාවකට මට හිනා.. මුගේ  ඇගේ සයිස් එකට මට මූව උස්සලා විසි කරන්න පුළුවන් .
මම prefect කෙනෙක් නොවුනනම් මං මෙලහකට මුන්ගේ දත් 32 ම බඩට යවලා ඉවරයි..
කොහොමත් මම AL ඉවර උනාම මුංට ගේමක් දෙනවාමයි...
මගේ රන් බබාගෙන් ඉල්ලන ගේම ඉවර කරගන්න ඕනි..
ඒත් ඒක රන් බබා නෙවෙයි කරන්න ඕනි මම...

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now