Black Eyes -09
" අනේ ඇයි රන් බබා මේ...???"
මම ඉක්මනින් ගිහින් මගේ රන් බබාව දෝතට ගත්තා.. ඒත් කොට්ටේ කඳුළුවලටම තෙත් වෙලා තියෙද්දී මම එයාව මගේ පපුවට තද කරගත්තා...
" දැන් මට කියන්න ඇයි ඔයා මෙහෙම අඩන්නේ..??
" ..........."
" රන් බබා........???"
" ඔච්චර මට ආදරේ කරන්න එපා හිරූ මට දරාගන්න බෑ.. අපි දෙන්නට ඈත් වෙන්න උනොත් කොහොමද අපි දරාගන්නේ...??"
ඒත් එක්කම මම එයාව මගේ පපුවෙන් වේගයෙන් ඇදලා එහාට කරා...එයාව ගිහින් ඇදට වැටුණම එයා මං දිහා පුදුමයෙන් වගේ බලද්දී මම එයාගේ ඇග උඩට ගිහින් එයාගේ අත් දෙක උඩට කරලා අල්ලලා තද කරගත්තා....
" උඹ ආයේ ඔය වගේ මූසල කතාවක් කිව්වොත් ඇත්තමයි මම ගමේ යනවා අභී..... ආයේ එන්නෑ...."
මට දැනුනා ඒ ඇස් ගැස්සුනා කියලා.. රතු වෙලා කඳුළු පිරුණු ඒ ඇස්වලින් මගේ දිහා බයවෙලා බලලා එයා මාව තදකරලා බදාගත්තා...
" අඩන්නෑ...යන්න එපා...."
එයා ඉකිගහන ගමන් මාව බදාගත්තා...
" අහන්න රන් බබා.. මේක හරියන්නෑ.. පාඩම් කරන්න ඕනි අපි.. තව ටික කාලයයිනේ .. ආදරෙත් කරමු.. ඒ වගේම පාඩම් කරමු...කෝ දැන් කඳුලු පිහිදගෙන එන්න.. අපි පහලට ගිහින් කාලා ඇවිත් පාඩම් කරමු..."
කාලා ඇවිත් මම අභීටයි මටයි කාලසටහනක් හැදුවා.. මොකද නැත්නම් මේ කොල්ල මං එක්ක හුරතල් වෙනවා.. මමත් එයාව හුරතල් කරනවා වෙන දෙයක් කරන්නේ නෑ....
සතියට දවස් 4 ක් අපි ස්කූල් ගියා... දවස් 3 ක් ක්ලාස් ගියා...
මේ විදියට මාසයක් ගෙවිලා ගියාට පස්සේ මම හිතුවා වගේම ගමෙන් මට කෝල් එකක් ආවා....
එතකොට වෙලාව 8.00 ට විතර ඇති.. කාලසටහනට අනුව අභියි මමයි 7 ඉදලා 11 වෙනකන් නිදාගන්නවා.. දැන් ඒ වෙලාවට අපේ නිදිපුරුද්ද හැදිලා තියෙන්නේ...
හැමදාම වගේ අභී මගේ පපුව උඩට වෙල කම්මුලක් පපුවට තියාගෙන තදනින්දේ... ඒ අත් දෙකත් මගේ උරහිස් වටේට බැඳිලා තිබුණා..." හෙලෝ ඔව් අප්පච්චි කියන්න....???"
" උඹට ගෙවල් මතක නැද්ද බන්.. බලපන් මාසයක් වෙනවා.."

YOU ARE READING
Black Eyes-Season One (BL-✔️🔚)
Romanceමගේ මැණික.... මගේ ජීවිතේ මගේ රන් බබා... මීට ඔයාගේ හිරූ.... 🍁 15 + Story 🍁