Black Eyes - 10
" ආයේ මොකෝ අපිට මතක නැත්තේ.. එන්න පුතා ඇතුලට.....පුතා ඉතින් අපේ එකා එක්ක ඇවිල්ලම නැති නිසා අප්පච්චියි මායි ටිකක් පුදුම උනා...!"
අම්මා අප්පච්චිගේ දිහා බලල ඇවිත් අභීගේ අතින් අල්ල ගත්තම අභී හොරෙන් මගේ අප්පච්චි දිහා බලලා අම්මා එක්ක අහිංසක විදියට හිනා වුනා...
අප්පච්චිගේ මූනෙත් ලාවට හිනාවක් ඇදෙද්දී මෙච්චර වෙලා හිත බරෙන් පිස්සු වැටිලා හිටපු මට සැනසුම් හුස්මක් හෙලුනා...
අපි හතර දෙනා එක්කම ගෙට ගොඩ වෙද්දි අප්පච්චි මං එක්ක කතා කරන්න වගේ අඩිය මන්දගාමී කලා....
සුදුපාටයි නිල් පාටයි කොටු තියන සරමකට තවත් ලා නිල් පාට Shirt එකක් ඇදලා මහ ආඩම්බරකාර විදියට කොණ්ඩෙත් පැත්තට පොල් තෙල් ගාලා පීරලා අප්පච්චි එළියට යන්න හදනව ඇත්තේ කියලා මට හිතුනා...
ගියොත් මටයි අභීටයි සැනසීමෙන් හුස්මක් ගන්න පුළුවන්.
එච්චරයි මට හිතුනේ. පොඩිකාලේ ඉදලම අප්පච්චි ගැන මට ආදරේකට වඩා තිබ්බේ බයක්....
එයා කවදාවත් මට ආදරේ පෙන්නලාවත් ආදරෙයි කියලාවත් නෑ.. චූටිම කාලේ මම එයාගේ සරම් බොක්කට පැනලා වාඩි වෙලා ඉන්න මතකය විතරමයි මට අප්පච්චි ගැන තිබුණේ...අනිත් සේරම එයා නීති දාන ඒවා බනින ඒවා සැර කරන ඒවා විතරමයි...
ඒ සේරම දේවල් මම ගෙදරින් දුරස් වෙන්න හේතු පිට හේතු උනා...
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

YOU ARE READING
Black Eyes-Season One (BL-✔️🔚)
Romanceමගේ මැණික.... මගේ ජීවිතේ මගේ රන් බබා... මීට ඔයාගේ හිරූ.... 🍁 15 + Story 🍁