(.8.)

553 110 8
                                    

" අවී....... උබ දැන් හරි අමුතුයි . "
දොර අසල නතර වී සිටි ආශ්කා කියන කොට අවීන් හුස්මක් පිටකලා.

" නෑ බන් , ඒක මේ........... "
අවීන් ආශ්කට කියන එක පැත්තක තියලා තමන්ට ගස්සන් යන දිහස් දෙස බලන් ඉන්නවා.

" කොහෙද දැන් ඔය යන්නේ "

" මං කිව්වේ පැරඩ් එකට "
දිහස් අවීන්ට රවනවා.

" දිහස් දිහස් , දැන්ම යන්න තාම එයාලා පඩිපෙළ ලග ඉන්නේ "
ආශ්කා දිහස්ට කියනකොට දිහස් හරේ කියාගෙන පහලට බැස්සා.

" ඔයා ඇයි එහෙම කිව්වේ "
අවීන් ආයේ හැරුනේ පන්තියට යන්න.

" ඇයි "

" මුකුත් නෑ "
හැරෙන් නැතුවම කිව්ව අවීන් ඉනට අත් තියන් කල්පනා කරන්න ගත්තා.

අවීන් තම බෑගය විවර කොට ඔහුගේ කැප්තොප්පිය ගෙන නවා සාක්කුවට දමා ගත්තා.

" කෝ මේ කොල්ලා "
අවීන් එයාගේ ඇස් පොටයනකන් පිට්ටනිය පුරා ගෙන ගියේ තමන් හොයන රූපය හම්බවෙනකන් .

ටිකකින් අවීන්ගේ මුහුනට සිනාවක් මැව්නේ දිහස් එනවා දැක්ක නිසා.

එයා කැප්තොප්පිය අතට ගත්තේ එය දිහස්ට දෙන්න සිතාය. දිහස් අව්වේ සිට කලු වෙයි හෝ ඔලුව කැක්කුම සදාගනි කියා අවීන් බිය විය.

දිහස් ලගට එනතුරු අවීන් තමන්ගේ තොප්පිය අතට තද කරගත්තා.

" අයියෝ...... "
දිහස් ආව ගමන් ලගතිබ්බ බිත්තියට හේත්තු වුනා. දිහස්ගේ මුළු මුහුණම රතුවෙලා.

" ඔයා ආවේ මාව බලන්නද "
දිහස් අවීන් දිහා බලලා අහනකොට අවීන් තමන්ගේ තොප්පිය පිටිපස්සට කරලා හංග ගත්තා.

" නෑ..... හැමෝම වගේ පිට්ටනියේ නිසා ආවේ. "

" හ්ම් , තිබහයි "
දිහස් හිමින් හති ඇරියා.

" වැඩේ හරි ගියාද "

" අව්වේ ඉන්න බෑ අයියෝ.... "
දිහස් මුන ඇඹුල් කරන් අවින්ව මග ඇරලා ඉස්සරහට ඇවිදන් යනවා.

" පව් මගේ පොඩි එකා "
අවීන් හිමින් මුමුනනවා.

මගේ.. එයා මගේද , අවීන් නැවතිලා ටිකක් කල්පනා කරන්න ගත්තා.





















Kishu :-)

One Day ( BL) (Onhold )Where stories live. Discover now