11 - ඉරිසියාව

1K 212 99
                                    

Black Eyes - 11

" රන් බබා....????"

" මොකෝ...??"

" පිටේ සබන් ටිකක් ගානෝකො....අනේ....??"

" විකාර නැතුව ඉන්න..."

" අනේ මොකක්ද බබා.... පොඩ්ඩක් සබන් ටිකක් ගෑවට ඔය සුදු අත ගෙවෙනව ද..??"

මම එයාගේ බේබි සබන් කෑල්ල අරන් එයාගේ අතෙන් තියලා පිට දික් කරා...
එයා අහක බලාගෙන රවාගෙනම සබන් ගෑවේ පුළුවන් තරම් මගේ පිටේ එයාගේ අත නොගෑවෙන්නයි....
මේ කොල්ලගේ ලොකුකම නම්.....

" හපෝ රන් බබා මට ලාදුරු නෑ ඔය අත පොඩ්ඩක් ගෑවුනාට කමක් නෑ අනේ..."

මම අනිත් පැත්ත හැරිලා එයාගේ අත මගේ පපුවට තියාගෙන ඒ ඇස්වලට එබුනා... ඒ ඇස් තාම මාව මගාරිනවා...

" අහන්න රන් බබා.. චුට්ටි මට කැමතී.... ඒත් මම චුට්ටිට කැමති නෑ... මං ආදරේ ඔයාට.. මට චුට්ටි ගැන එහෙම හැඟීමක් නෑ... මෙන්න මෙතන කලබල වෙන්නේ ඔයාගේ ටච් එකකින් විතරයි මෝඩ කොල්ලෝ..."

මම එයාගේ අත අරන් මගේ කලිසම උඩින් තිබ්බේ දැනටමත් එයා මගේ පිටේ සබන් ගාද්දී මගේ හැඟීම් අවදිවෙලා තිබුණු නිසයි...
කන් දෙකත් එක්කම රතු උන සුදු මූනේ ලාවට හිනාවක් ඇකීමැකී ගියාම මටත් හිනාවක් ආවා...

" දැන් තේරුනා ද මං කියන එක...??"

මම දඹර ඇගිල්ලයි මහපට ඇගිල්ලක් එකතු කරකරලා එයාගේ නලලට ටච් එකක් දුන්නම එයා කටත් උල් කරන් නලල අල්ල ගත්තා... එතකොටම මම ඒ උල් උන රෝසි ලිප්ස්වලට සමනල හාද්දක් තිබ්බා...
එයා බයවෙලා ඇස් ලොකු කරගත්තම මම එයාගේ අතින් සබන් කෑල්ල අරගත්තා...

" ඔයාට මෙතනත් ගාන්න දෙන්න තිබ්බා.. ඒත් ඉතින් ඔයා මං එක්ක තරහනේ.. ඒ නිසා බෑ.. ""

මම කලිසම අස්සට අත දාගෙන සබන් ගාද්දී අභී කටත් ඇද කරන් මගේ අතට හයියෙන් පාරක් ගහලා ලිදෙන් වතුර ඇදගෙන නාන්න පටන් ගත්තා..
කොල්ලා ආයේ මං දිහා බැලුවෙම නෑ...
බාල්දි 07 ක් විතර නාලා ඉනට ටවල් එකත් ඇදගෙන ශෝට හෝදලා වැලෙන් දාලා මටත් ගස්සගෙන ගෙට ගියා..

" ඇත්තටම මේ කොල්ලගේ ගැස්සිල්ල හිනාවට වඩා කියුට්.. ලඟදිම මට පිස්සු හැදෙනවා මේ අලුත් අලුත් ඇක්ෂන් කෑලි දැකලම...."

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now