12 - පලිගැනීම

1K 215 81
                                    

Black Eyes - 12

" ඔය මයිල් බොඩිය එළියේ දාගෙන නෑවොත් මුළු ඇගම රේසර් කරනවා දැනගනින්... දැන් ගිහින් ආයෙම හෝදගෙන එනවා...!

" හපෝ හරි හරි... ඉරිසියාකාර රන් බබා..."

" ඉක්මනින් ගිහින් එන්න.. මට බඩගිනියි.."

මම ඉතින් අඩියට දෙකට කාමරෙන් දුවද්දී අම්මා ආපහු මං දිහා බැලුවෙ පුදුම වෙලා...

" මොකද බන්.. උඹ මීහරක් මාළු කෑවද ආපහු නාන්න යන්නේ...???"

" ආශ්.......රස්නෙයි අනේ.. පේන්නේ නැද්ද... ?"

මම නැති දාඩියක් හොයන්න ඇග පුරාම අතගාද්දී ඉස්සෙල්ලා නාලා ඉතුරු උන වතුර ටිකක් මට පිහිට උනා...

" උඹලට මේ ගමෙත් රස්නෙයි කියන්නේ උඹලා කොලඹ ඉන්නේ කොහොමද බන්.. මලසමයං......"

අම්මා මටත් ගස්සගෙන යද්දි මම වටපිට බැලුවම මම දැක්කේ චුට්ටි මට රවාගෙන ඉන්නවා.. මම ඒකිව සතේකට ගනන් නොගෙන එතනින් ඇවිත් ලිඳ ලඟට ගියා..
ඉක්මනින් හෝදගෙන මම හැරෙනකොටම රන් බබාගේ ජායාවක් කුස්සියේ දොර ලගින් දැක්කම මට බකස් ගාලා හිනාවක් ගියා...
ඉරිසියාවේ හේතුව ආදරේ කියලා මගේ හිත කියද්දී මට මගේ රන් බබාව වඩාගෙන කැරකෙන්න හිතෙන තරමටම ආසාවක් දැනුනා...
මම අඩියට දෙකට දිව්වේ කොල්ලව අතටම අල්ල ගන්න.. ඒත් මම යද්දිම අර නැට්ටිච්චී මගේ ඇගේ හැප්පුනාම මගේ සරම බේරගත්තේ 99 න් වගේ...

" මොන මගුලක ද බන් යන්නේ.... කාමරේ ලඟ මොකක්ද කරන්නේ තමුසේ..?? "...

" අනේ මේ මම මුකුත් කරේ නෑ මැණික් අයියේ ඔයා මොකද අනේ මට පුප්පන්නේ.. ඔයා ඉස්සරනම් එහෙම නෑ.."

" විකාර නොකියා එහාට පලයං බන්....!"

මම චුට්ටිව එහාට තල්ලු කරලා කාමරේටගිහින් දොර වහගත්තා..
මම යනකොට අභී ඇද උඩ වකුටු වෙලා එහා පැත්ත හැරිලා ඉන්නවා දැක්කම මගේ හිතට ආවේ ලොකුම ලොකු බයක්...

..

" බබී....... ඔයාට අසනීප ද මැණික..???"

මම එයාගේ උරහිසෙන් අල්ලලා එයාව හරවගන්නයි හැදුවේ... ඒත් මගේ කොල්ලා කොට්ටේ අස්සේ මූන හඟ ගද්දී මගේ පපුවට තවත් බරක් එකතු උනා....

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now