_04_

678 142 15
                                    

තවත් මේ දේවල් කල්පනා කරනවා කියන්නෙ මේ තියෙන ලෙඩේ තවත් වැඩි වෙනවා කියන එකනෙ....

සිතූ දන්නවද ඔයාගෙ ඉස්සර ආශුට දැං ලෙඩක්...

හී...ඔව් ඔව් ඔයා හිතන එක තමයි...හැබැයි ඉතිම් මේක අර ඔයා දන්න දන්න අය වට්සැප් ඩීපී එක අයින් කලාම එන ලෙඩේ නෙමෙයි...

මේ ඇත්තම ඩිප්‍රෙෂන්...

දන්නවද ඒ ගැන...දන්නෙ නැද්ද නැත්තම්...මමනං හොදට දන්නවා ඒ ගැන...ඒත් මට ඔයාට කියලා දෙන්න බෑ...මොකද මම කැමති නෑ ආයිම ඒ මතක පාරගන්න....

ඒ හින්ද පුලුවන්නම් විතරක්...මේ ලෙඩේ ගැන දන්න කෙනෙක්ගෙන් ඒ වේදනාව ගැන අහගන්න..

ඒත් මොකටද නේද...එක්කො ඕන්නෑ...මේ දේවල් ගැන දැනගත්තා කියලා මොනවා වෙන්නද..තව මොනවා වෙනස් වෙන්නද....

මම මෙතන මේ ඩෝ එකේ හැන්ඩ්ල් එකට අත තියන් මගෙයි සිතූගෙයි මතක ගැන කල්පනා කලත් ඩිප්‍රෙෂන් වැඩි වෙනවා....

මේ දොර ඇරගෙන ඇතුලට ගියාම සිතූ එයාත් එක්ක ඉන්නවා දකිනකොටත් ඩිප්‍රෙෂන් වැඩි වෙනවා...

ඉතිං මොකටද...නේද?

ඩෝ එක අරිනවත්  එක්කම හැමෝගෙම අවධානෙ මගෙ පැත්තට එන හැටිත් අතරින් පතර...නෑ...අතරින් පතර නෙමෙයි මුලු පන්තියෙන්ම ඇහෙන අප්‍රසන්න කතායි මේ මට අඩුවක් නෑ....

ඉස්සර කෝටිපති ධනවතාගෙ පුතා වෙච්ච නොනිමි රිසඳු ආකාෂ් ව වටකරන් ඉදපු යාලුවොම...නෑ යාලුවො කියලා හිතන් ඉදපු උන්ම....තාම කෝටිපති ධනවතාගෙ පුතා උනාට ' ගේ' කියන ලේබල් එකෙන් වැහිච්ච නොනිමි රිසඳු ආකාෂ්ට කීයක් නම් දේවල් කියනවද?

මෙව්වා මහා ජෝක්

'ඒ උනාට පන්තියෙම උන් ස්ට්‍රේට් වෙනකොට මම විතරක් ගේ වෙන එකත් ගැම්මක්නෙ බං නැද්ද ආශ්'

ඔන්න ආයිමත් මගෙ පිස්සු හිත පිස්සු කතා කියනවා...

එක අතකට ඉතිං ඌත් වැරදි නෑ..කෝම උනත් මේ ලගකදි FB එකේ පෝස්ට් එකක් දැක්කා හැබැයි ''ස්ට්‍රේට් ස්ට්‍රේට් ගගා වැළලුනාට ෆුල් ස්ට්‍රේට් උන් නෑ බං" කියලා

අනේ මංද ඉතිම් කවුද දන්නෙ...මට අදාල නැනෙ...හී...මං ගේ

මට දුකක් නෑ...මොකද ගේ උන පලියට මැරෙන්නද බං...

මට මැරෙන්න නං ඕන්නෑ..මොකද සිතූව දාලා යන්නෙ කොහොමද?

ඒත් ඉතිං සමහර වෙලාවට මේ කරුම වේදනාව දරාගන්නම බැරි උනහම...මගෙ බෙඩ් එකේ ෂීට් නං තනි රතුපාට වෙනවා...

ඒකත් මගේම ලේ වලින්...

මගෙ අර මාලිගාවක් වගේ පේන කරුමක්කාර ගෙදර සර්වන්ට්ලා නං මොනා හිතනවද දන්නෑ ඒ දවස් වලට...

ෂීට්ස් මාරුකරනකොට ඒ ලේ දකිද්දි ඇදවල් ලාච්චු අස්සෙන් බ්ලේඩ් තල මතුවෙද්දි

අනේ මංද...උන් මොන මොනවා හරි හිතනවා ඇති

ඉතිං මේක තමයි මගෙ ජීවිතේ...පිටතට කෝටි ගණන් දේපල වල අනාගත අයිති කාරයා වෙච්ච අවුරුදු දහනවයෙ ගේ කොල්ලගෙ කවුරුත් නොදන්න ජීවිතේ...

එක්කෙනෙක් දැනගත්ත...ඒත් දැනගත්ත ගමන්ම අතෑරලා ගිය කාලකණ්නි ජීවිතේ

________මතක________

"සිතූ"

"ම්ම් ආශු..."

"මට කියන්න දෙයක් තියෙනවා"

"කියහන් බං ඉතිං...මොකෝ උඹ වෙනදටත් මොකක් හරි කියන්න ඔහොම තටමනව කියලද?"

"උඹ,බං කියන්න එපා අප්පා හුහ්"

"උඹ නං"

"සිතූ..."

"ම්ම්"

"මම ගේ"

"______"
______________

Cold skin ,drag me feel on the tile
As I'm walking down the corridor
And I know we haven't fakeed in a while
So I'm lokking for an open door
,leave me hero to waste
I once was aman with dignity
Now,I'm slipping throught the crocks of your cold embrace
So please,please

[Abandoned_Hands]Where stories live. Discover now