_05_

687 142 19
                                    

සිතූ  ඉන්නවා....හී...මගේ සිතූ...ඔයා තවත් හැන්ඩ්සම් වෙලා...ම්ම්...කොණ්ඩෙත් සුට්ටක් වැවිලා
..සුදුත් වෙලා....

පිටිපස්සෙම පේළිය දිහාවට ඇවිදන් යන ගමන්ම මගේ ඇස්...ඒ කියන්නෙ ඉස්සර සිතූ කියන විදිහට නං අනන්තෙන් ආ තරු කුමරටවත් නැති නිල් පාට තරු ඇස්...දවස් හාරසිය විස්සයි පැය නවයයි විනාඩි තිහකට පස්සෙ ඒ ඩාර්ක් බ්‍රවුන් ඇස් හොයාගෙන ගියා ආයිම...

ඒත් ම්හු...සිතූගෙ ඇස් නැවතිලා තියෙන්නෙ එයාට එහා පැත්තෙ ඉන්න එයා ගාවනෙ...ඇයි සිතූ ඒ

ඉස්සර ඔය ඇස් හෙව්වෙ මාවමනෙ...

ගොඩක් දේවල් වෙනස් වෙලා නේද සිතුවො...ඔයා එයා හැමෝම ...මේ හැමදෙයක්ම වෙනස් වෙලා

ඒත් මම වෙනස් වෙලා නෑ සිතූ...මම ඉන්නවා....

ඔව් මම ඉන්නවා...ඔයා එදා අතෑරලා ගිය තැනම....

ආයිම ඔයා එයි කියලා හිතාගෙන...තාමත් ඔයාගෙ ඉස්සර ආශු මග බලං ඉන්නවා

එයාගෙ ඉස්සර සිතූ එනකන්....

ආදරෙයි මගේ සිතූ....

මගේ පළවෙනි ආදරේ,අන්තිම ආදරේ, වේදනාත්මකම ආදරේ,ආදරණීයම ආදරේ ඒ ඔක්කොම ඔයා මගේ සිතූ....

"බලහන්කො බං අරූ...ඇදිලා ගිහිල්ලා...සැප වැඩි වෙලාද කොහෙද එක එකාගෙ ඇගට යට වෙලා ඇට කටු කැඩිලා ගිහිල්ලා ඇති"

ම්ම්...ඔන්න ඉතිං පටන් ගත්තා...යාලුවො කියලා හිතන් උන්නු අයගෙ කතාව

යැයි යැයි තමා....සැප ගන්න හුහ්...සැප ගත්තා මාස ගානක්ම හොස්පිටල් වල ලැගලා...දවසින් දවස ඇගෙන් ලේ යද්දි ඒ ගානටම ලේ ආයිම බට අස්සෙන් ඇගට යද්දි සැප ගත්තා මම....

අනේ ඒත් ඇයි....ඇයි සිතූ මේ...ඔයත් හිනා වෙනවද....අනේ සිතූ ඔයාට වත්...අඩුම ඔයාටවත් තේරුන්නැද්ද

ඔයාගෙ ඉස්සර ආශු වැහැරිලා ගිහින් තියෙන්නෙ ඇයි කියලා....

ඉස්සර නං ඔයා හරි ඉක්මනට අදුරගත්තනෙ සිතුවො...මං වෙලක් කෑවෙ නැතත් තේරුන ඔයාට...දැං ඇයි මේ...අනේ සිතූ ඇයි මේ

තවත් බෑ සිතුවො....

මං දවස් ගානක් කාලා නෑ බං..හික්ස්...මාත් ඔයාට බං කියන්නම්..නැත්තං කොහොමද දාලා යන්න තියෙන හිත හදාගන්නෙ නැද්ද බං...

දාල යන්න බෑ සිතුවො..කොහොමද දාලා යන්නෙ

අන්තිම බත් කට කාලත් අදට දවස් පහක් සිතූ....

ඉතිං ඔය...ඔයා ඇයි මේ මුලු පන්තියක් ඉස්සරහම එයාගෙ ඉණ වටේට අත දාලා ලගට ගත්තෙ....

එයත් හරි ආසයි නේද ඒකට...

ඔයාගෙ ඇස් දිලිසෙනවා...ඒත් ඒ කදුළුද..ම්හු නැතුව ඇති නේද...මට වැඩිය පේන්නෙ නෑනෙ මෙතනට..ඒත් ඔයා මොකද අඩන්නෙ...හී

ඕහ්...හුහ්...මොකද මුං මේ සූ ගාන්නේ...සූ නෙමේ ෂූ ෂූ....සද්ද කරන්න එපා කවුරුත්....එයා ලෞ කරනවා...හී ලෞ කරනවා....මගේ සිතූ මගේ ඉස්සරහම ලෞ කරනවා....

ම්ම්...රිදෙනවා සිතූ...ගොඩක් රිදෙනවා

ඒත් කදුලු එන්නෑ බං....කොයි කදුලු...

අඩල අඩලම ඔක්කොම කදුලු හේදිලා ගිහින් බං....

උඹ විතරනෙ මට ඉදියෙ....ඇයි ඈත් උනේ....ඇයි කියපන්කො....

ඇයි බං...

ඉතිං එච්චරයි...ආයිම කලුවර උනා...

හී බය වෙන්න එපා....මට මේක පුරුදුයි...තව පැය පහකින් හයකින් මම ඇහැරේවි සේලයින් එකක් අතට ගහගෙන..කොලපාට රෙදි වට උනු කාමරේක...මම අප්පිරියම කරන සුවදත් එක්ක....

හී හී....බයවෙන්න එපා...මම මැරෙන්නෑ...

සිතුවො බයවෙන්න එපා ඈ...

මම ඔයාව දාලා යන්නෙ නෑ...හී

මගේ සිතූහ්.......

_________මතක_____________

"ආශ්...ආශ් ආශුවෝ"

"ඔහ්..මොකද සිතූ"

"මං එයාට කැමතියි බං...අම්මොහ් එයා නං ගින්දර...ඒ මේ මට කෝම හරි එයාව සෙට් කරගන්න ඕනෙ"

"_______"

"ආශුවො..උඹනෙ මට ඉන්න බෙස්ටා..සප් එකක් දියං ඈ..."

___________________________

Could you find a let me down slowly?
A little sympathy,I hope you can show me
If you wanna go then I'll be so lonly
If you're leaving baby let me down slowly
Let me down,down
Let me down,down
Let me diwn,down
Down,let me diwn,down
Let me diwn
If you wanna go then I'll be so lonly
If you're leaving baby let me down slowly

[Abandoned_Hands]Where stories live. Discover now