13 - බුලත් හෙප්පුව

1K 204 87
                                    

Black Eyes - 13

අභීත් ඒකට එකතු වෙලා හිනා වෙද්දී පහල ඇලේ මාළු මගේ ඇගේ නටන්න පටන් ගත්තා...
මගේ ඇස් දෙකට අහු වුනේ අප්පච්චිගේ බුලත් හෙප්පුව...
මගේ ඇස් ඒකට වදිනකොටම අභීත් මං දිහා බලලා දත්මිටි කාගෙන ඉන්න මගේ ඇස් නැවතුනේ කොහෙද බැලුවා....
ඒත් එක්කම මං.............................

පැනපු ගමන් බුලත් හෙප්පුව අතට ගත්ත මං සුද්දායියා දිහාට හෙප්පුව උල් කලා.. ඒත් අභී පැනලා ඒකත් මගේ අතින් උදුරගෙන මගේ කරට අතදාගෙන මාව ඇතුලට ඇදගෙන ගියා....
ශිට් මට අරූගේ මූනේ හෙප්පු පාර හිටින්න දීගන්න බැරි උනානේ....
මට අභී එක්කත් කේන්තියී....
මම අභීගේ අතත් ගසලා දාලා අභීට රැව්වා...

" තමුසෙ උගේ කරේ නේද..???"

" හිරූ..........???

අභීත් සද්දෙට මට කෑ ගහද්දී මම එයාව ගනන් නොගෙන ආපස්සට බැන්නා...

" කට වහපං.....ගිහින් උගේ ඇගේම එල්ලිලා හිටපං....!"

මට අරූගේ හොම්බට අනින්න දුන්නේ නැති තරහා අභී පිටින් යවලා කාමරයට ගිහින් දඩාන් ගාලා දොර වහගත්තා...

" ඌ කොහොම එකෙක් ද කියලා දන්නෙ නෑ..
ඌට කරේ එල්ලෙන්න දෙනවා.. අඩුම ගානේ මගෙන් අහන්න ඕනි ඒ ජරා අත් ඇගේ ගාගන්න කලින්...
ඌ උගේ ගෑනිගේ මල්ලි එක්කත් බුදියලා මාට්ටු උනු එකෙක්...
එහෙන් අර හු@# ත් මගේ කොල්ලව එක්කන් අරූ එක්ක මුකුලුව..."

මම එහෙමම ඇදෙන් වාඩි උනේ මගේ ඇග කේන්තියෙන් ගැහෙන නිසයි.... කාමරයේ බිත්තියේ ගහලා තියන ඔරලෝසුවේ කටු දුවන සද්දෙත් මගේ කන් දෙකට මහා වදයක් වෙද්දි මම අත් දෙකෙන්ම මගේ කන් දෙක වහගත්තා...
ඒත් ටික වෙලාවකින් මගේ කම්මුල් තෙත් වෙලා මගේ හිතට අමුතුම බයක් එක්ක ලොකු වේදනාවක් ඇති වුනා...

" එයා මගේ.......! මගේ විතරයි.."

මගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටෙද්දී මගේ අත් දෙකම ගැහෙනවා වගේ මට දැනුනා.. පපුවත් පිස්සුවෙන් වගේ ගැහෙද්දී මම මගේ අත් දෙකම පපුවට ගුලි කරගෙන වැටෙන කඳුළුවලට තව ඉඩ දුන්නා...

" එයාට මාව චුට්ටිට දෙන්න ඕනි.... එහෙන් අර මූසලයා එක්ක මුකුළුව... එයා මට ආදරේ නෑ... මං විතරයි එයාට ආදරේ ...
මට විතරයි එයා වෙන උන් එක්ක ඉද්දි දරාගන්න බැරි....
මට විතරයි මේ තරමට එයා නිසා හිතට වේදනාව...
සේරම මට.......
මට .........මට.........
මට විතරමයි.........

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now