ආයිමත් දවසක...01

4.1K 273 26
                                    

ආයිමත් දවසක....01


"හලෝ යශ්... ඔයා හොදින්ද.. "

"ඔව්  අනූ මම හොදින්...ඇයි හදිසියේම .."

"හදිස්සියෙම නෙවෙයි බන්... නිකන් වත් කෝල් එකක් ගන්නවද තමුසෙ මට.. මන් තමුසෙගෙ ටුවින් කියල වත් මතකද තමුසෙට.. අනික මාස ගානකින් ගෙදර ඇවිල්ලත් නෑ..ඔය තරම්ම වැඩද හලෝ..."

අනූශි ෆෝන් එක කනේ තියාගෙන බැල්කනි එකට වෙලා රෑ කලුවර අතරින් පේන නුගේගොඩ අහස දිහා බලන් කියද්දි එයාට ලයින් එකේ අනික් පැත්තෙ ඉදන්  ලොකු හුස්මක් හෙලන යශිරගෙ සද්දෙ ඇහුන...

පුංචිම කාලෙ ඉදල හැම දේම බෙදා හදාගෙන ජීවත් උන කොයි තරම් රන්ඩු උනත් දෙන්නටම දෙන්න නැතිව බැරි  උන  තමන්ගෙම නිවුන් සහෝදරය දැන් එයා  නැතුව ගෙදරින් ගොඩක් ඈතට වෙලා තනියම අනාතයෙක් වගේ ජීවත් වෙන්න හේතුව  අනූශිට තවම හිතාගන්න බැහැ..
අනූශි ගෑනු ළමෙක් වෙලත් යශිර පිරිමි ලමෙක් වෙලා ඉපදුනත් දෙන්නට දෙන්න කවදාවත් රහස් තියාගන්න පුරුදු වෙලා නෑ.. ඒත් අනූශිට දැනුනෙ ගෙවුන අවුරුදු දෙක ඇතුලත ඒයාගෙයි යශිරගෙයි ජීවිතේ ගොඩක් ඈතට වෙන් වෙලා ගිහිල්ල කියල  . මීට අවුරුද්දකට කලින් යශිර අනුරාධපුරයෙ කෘශිකර්ම දෙපාර්තමේන්තුවේ පත්වීමක් බාරගෙන යන්න යද්දි අනූශි කවදාවත් හිතුවෙ නෑ යශිර මේ තරම්ම පවුලෙන් ඈත් වෙයි කියල විශේෂයෙන් එයාගෙන් ඈත්වෙයි කියල...

මධ්‍යම පන්තියෙ පවුලක පවුලෙ දෙවනිය වෙලා අනූශි ඉපදෙද්දි යශිර අනූශිට වඩා බාල උනේ විනාඩි දෙකකින් වගේ..  පුංචිම කාලෙ ඉදන් පවුලෙ හුරතලා විදිහට යශිර හැදෙද්දි ඇත්තටම පවුලෙ කවුරුත් හිතන්නෙ නැතුව ඇති එයා මේ විදිහට ඈත් වෙයි කියල..
අනූශි එයාටම කියාගන්න ගමන් ලයින් එකේ අනික් පැත්තෙන් සද්දෙ  නැතුව ඉන්න යශිරට කතා කරා..

" යශ්...ඔයා කාලද..."

"හ්ම්ම්.. ඔව්...ඔය කෑවද.. අම්මල ඉන්නව නේද... අයිය  ගෙදර ආවෙ නැද්ද ලගදි..."

"ඔව් අපි කෑව.. අම්මලත් කාල නිදියන්න හදන්නෙ.. අයිය ඊගෙ ආව නෑනයි බබාල දෙන්නයි එක්ක..."

" හ්ම්ම්.. මන් කට්ටිය මතක් කරා කියන්න එහෙනම් මන් තියනව බුදු සරනයි..."

ආයිමත් දවසක .Where stories live. Discover now