14 - නැවත කොළඹට

1K 211 65
                                    

Black Eyes - 14

" රන් බබා...?"

" ඕ...???"

" සමීකරණ ටික හැදුව ද.?? කෝ බලන්න මෙහෙට දෙනවා..."

මම රන් බබාගේ පොත ගත්තේ කොල්ලා දැන් දැන් මං නිසා හොර වෙලා නිසයි...ඒකට වගකියන්න ඕනි මං නිසා මම බලෙන්ම ටොකු ඇණ ඇණ වැඩ ටික ගත්තා.. දැන් නම් කොල්ලගේ මූන අල වෙලා අල දෙල් වෙලා ගිහින්...
හෙට උදේම අපි ගමෙන් පිටත් වෙනවා.. අප්පච්චි අම්මයි දෙන්නම ටිකක් විතර අභීට කැමති උනා..
කොහොමත් මට උනත් අප්පච්චි කැමති ටිකයිනේ.. ඉතින් අභී උනත් දුක් උනේ නෑ.. මොකද අප්පච්චි හැමෝටම එකවගේ සලකපු නිසා..දැන් රෑ 8.00 යි.. අපි තව පැය දෙකක් පාඩම් කරලා නිදාගන්න හිතුවා...
මේ සතිය ගැන කිව්වොත් අපි කලේ වැඩියෙන්ම ගමේ ඇවිදපු එක...
අනික නෑ ගෙවල්වල ගිහින් රස රස කෑම ගොඩක් කාපු එක..
මට වඩා ගමේ ආපු එක වින්දෙ අභී....චුට්ටි ගැන කිව්වොත් චුට්ටිට සුද්දායියා එක්ක මොකක් හරි හුටපටයක් කියලා මට කිව්වෙත් අභී... මුලින් මං එහෙම වෙන්න බෑ කියලා කිව්වම මේ කොල්ලා මටත් රවපි...
මම ඉතින් එයා කියන දෙයක් තමයි කියලා පිළි අරන් සේප් උනා...

" හිරූ.........????"

" ම්ම්හ්....??"

" අපි AL වලින් පස්සේ වෙන බෝඩිමකට යන් ද..?"

" ඇයි බබා ඒ...??"

" නෑ ඉතින්.. අපි කඩෙන්මනෙ කන්නේ.. මම ඔයාලගේ අම්මගෙන් උයන හැටි පොඩ්ඩක් අහගත්තා...

" හ්ම් බලමුකො... අපි දෙන්නට එකම යුනි එක සෙට් උනොත් හොඳයි..."

" හ්ම්ම්... "

" ඒ නිසා  බබා කෝලම් නොකර මං තරමටම පාඩම් කරන්න..."

මම එයාට වෝන් කරලා ආපහු පොතට ඔලුව ඔබාගත්තා...
හැමදාම වගේ මම පාඩම් කරලා කරලා මහන්සි උනාම මගේ උරහිසට දැනෙන උණුසුම් පහස අදත් මට දැනෙනකොට මගේ මූනේ හිනාවක් ඇදුනා...
හිත පුරාම මල් යායක් පිපෙද්දී මම අභීව ඇදලා උකුලට අරන් ඉන වගේ අත් බැදගත්තා....
මම මගේ රන් බබාගේ පිට මැද්දට මගේ දෙතොල් තද කරලා ඒ පිට මැද්දේ මගේ ඔලුව තියාගත්තා...

" හිරූ..........එහාට වෙන්නකෝ අනේ... ඔන්න මාවත් ලෙස්සනවා දැන්...
ඔහ්......

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now