ආයිමත් දවසක ....02

1.4K 236 26
                                    

ආයිමත් දවසක...02

අනුරාධපුරයේ කටුක අව්ව අතරින් දවසම එහෙ මෙහෙ ඇවිද ඇවිද දවසේ වැඩ ටික ඉවර කරගත්ත යශිර හතරට විතර ආපහු ගෙදරට එන්න බයිසිකලේ හරව ගත්තෙ කොයි තරම් මහන්සියක් දැනුනත් කටුට පොලව එක්ක ඔට්ටුවෙන පුරේ ගොවියොන්ගෙ මූනට එයා නිසා නැගෙන හිනාව ගැන මතක් කරන ගමන්..

ගොවිතැන් කරද්දි ගොවියන්ට එන ප්‍රශ්න යශිරට එයාල කියද්දි යශිර පුලුවන් හැම විදිහටම එයාලට උදවු කරල ගොවිතැන් කරන්න දිරිමත් කරේ, පුංචි කාලෙ ඉදන් ගොවිතැනට තිබ්බ අමුතුම ලැදියාව හින්දමයි කියලයි යශිරගෙ හිත කිව්වෙ.. කොහොම උනත් කරන්න ගිය වැඩේ ඉවර කරල ආපහු යන්න ලෑස්ති වෙද්දි බොහොම ඉස්තූතියි කෘශිකර්ම මහත්තයෝ කියල බුලත් කහට වලින් රතු උන දත් පෙන්නන ගමන් ගොවි මහත්තයෙක් කියන ස්තූතිය හැමදාම හිත පුරා පිරිල හැම මහන්සියක්ම අමතක කරනවා කියල යශිර හැමවෙලේම මතක් කරා..

දවල් දවසෙම කාස්ටකේට පායපු පුරේ අහසෙ කොනකින් අලුපාට වලාකුලු ඇදෙද්දි යශිර අහස දිහා බලන ගමන් බයික් එකේ වේගෙ ටිකක් වැඩි කරේ මේ දවස් වල වැස්ස ගැන කල්තියා කියන්න අමාරු නිසා...
පුරේට වහින වැස්ස හරි අමුතුම වැස්සක්.. ලන්කාවෙ කොහෙට වහින වැස්සක්ටත් වඩා ඒ වැස්ස අමුතුයි ලස්සනයි කියලයි යශිරට දැනුනෙ මොකද ඒ තරම් වැස්ස කලාතුරකින් ලැබෙන නිසා...

....................................................................
බයිසිකලේ ගෙදර වත්තට දාල එහෙමම එලියෙ නොනවත්වා ගෙයි ඉස්සරහ තියෙන පැසේජ් කෑල්ලටම දාල නවත්තද්දිම මෙච්චර වෙලා වැස්ස හිර කරන් ඉදපු අහස එක පාරටම ඒ වැස්ස අතෑරිය වගේ මහා සද්දයකින් වැස්සක් පලාතම වහගෙන ඇද වැටෙද්දි යශිට දාගෙන ඉදපු හෙල්මට් එක ගලවන ගමන් අතට ගත්තේ ඉක්මනට එන්න පුලුවන් උන එක ගැන සතුටු වෙන ගමන්..

ටිකක් වෙලා මිදුලෙ තියන දිවුල් ගගේ අතු වලට වැටෙන ලොකු වැහි පොද දිහා ආසාවෙන් බලන් ඉදපු යශිර බෑග් එකෙන් ඇදල ගත්ත යතුරක් අරගෙන වහල තිබ්බ දොර අරින ගමන් ගේ ඇතුලට ගියා...

............................................................

උදේට කඩෙන් කාල ගිය යශිරට දවල් ගොවි මහත්තයෙක්ගෙ කුබුටර ගෙනාව ඇබුලකින් දවල් බත් කන්න ලැබුනා....
ඒ ඇබුලෙ රස මතක් කරන ගමන් කටට එන කෙල එහෙමම ගිලින් ගමන් යශිර කුස්සියට ගියෙ රෑට කන්නෙ මොනවද කියල හිත හිත.. අවුරුදු විසි ගානක් යනකම් ගෙදර අම්ම උයල දෙන බත් පංගුව කකා ඉදපු නිසායි අක්ක හැම දේම කරල දෙන නිසයි ගෙදර වැඩක් පලක් මොකුත් කරගන්න නොතේරී ඉදල තනියම මෙහෙම ජීවත් වෙන්න ආපු පලවෙනි දවස් යශිරට මතක් වෙද්දි හිතෙන් එයාටම පොඩි හිනාවක් ගියෙ උබ දැන් කොයි තරම් නම් වෙනස් වෙලාද කියන ගමන්...

ආයිමත් දවසක .Where stories live. Discover now