Black Eyes - 19
" අහ් වරෙන් ඇතුලට.. මේ සද්ද කරන්න එපා කොල්ලට තව ටිකක් නිදියන්න දෙමු..."
මම නෙතුම්ව ඇතුලට අරන් කුස්සියේ මේසෙ ලග වාඩි වෙන්න දීලා කිරි එකක් හදලා දුන්නා මං නාලා එනකන් බොන්න... නෙතුම් අභීගේ කාමරේ දිහාත් බලලා දිග හුස්මක් අතෑරියා කියලා මම හොඳටම දැක්කා...
" හිරුවො...?"
" කියපන් බං...
" උඹ බලනවා ඇති නේද ඇයි මම මෙහෙම කරන්නේ කියලා...?"
ඇත්තටම මගේ හිතේ කැකෑරි කැකෑරි තිබ්බ ප්රස්නයක් නෙතුම් අතෑරියා....
" හ්ම්ම්..."
" මම කැම්පස් ආව මුල් දවස්වල මගේ ID එක එක්ක පර්ස් එක නැති වුනා.. ඒ දවස්වල අර ගුටි කෙල ගත්ත සීන් එක නිසා හැමෝවම චෙක් කරලා ගත්තේ....
මට යන්න දුන්නෑ බන් ගේට් එකෙන්..
පස්සේ අභියා ඉදලා කියලා කියලා මාව අරන් මට කන්නත් අරන් දීලා ඌ ගියේ....
උඹට එතකොට මොකක් හරි Presentation එකක වැඩක් කියලා කිව්වා..
ඉතින් බන් එතකොට මට කැම්පස් එකේ එක යාලුවෙක්වත් හිටියේ නෑ..
ඌ එදා කරපු උදව්ව මට කවදාවත් අමතක වෙන්නෑ මචං..."මට එතකොටම එදා සිද්දිය මතක් උනා.. රන් බබා කැන්ටින් එකට එනකන් මම වැඩිපුර විනාඩි 10ක් බලාගෙන හිටියම කොල්ලා හති දදා ආවේ.. මම ඇයි ඇහුවම ඔය වගේ සිද්දියක් මට කිව්වා...
" අහ්.. මට මතකයි.. රන්බබා මට කිව්වා.."
මම අභීගේ ලවින් නේම් එකෙන් කතා කරද්දී නෙතුම්ට හිනාවක් ගියා.. ඒත් එක්කම මගේ මූනෙත් හිනාවක් ඇදුනේ මගේ ලැජ්ජාව වහගන්නයි...
" හිරුවා ඒක නෙවෙයි එදා සීයා අභියගෙ හොරස්කෝප් එක ඇහුවා නේද..? ඒක අරන් යන්න වෙයි නේද බන්...?"
ඇත්තටම මට ඒක මතක් උනත් ඒක අභීගේ ගෙදර නිසා මට ඒක ඉල්ලන්න යන්න විදියක් නෑ....
" නෑ මචං ඒක අභීගේ ගෙදර.. මට කොල්ලගේ අම්මගෙන් ඒක ගන්න මේ හදිසියේ බොරුවක් මතක් වෙන්නෑ බන්.. ඒ නිසා වෙලාව දීලා මොකක් හරි කරගන්න බලමු..."
" හ්ම්ම්... "
නෙතුමුත් බැරෑරුම් මූනකින් කිරි එක අතට අරන් බොන්න පටන් ගත්තා...
YOU ARE READING
Black Eyes-Season One (BL-✔️🔚)
Romanceමගේ මැණික.... මගේ ජීවිතේ මගේ රන් බබා... මීට ඔයාගේ හිරූ.... 🍁 15 + Story 🍁