ආයිමත් දවසක..04

1.1K 218 26
                                    

ආයිමත් දවසක...04

විශාල්ගෙ පවුලෙ ඉදියෙ එයියි අම්මයි අයියයි විතරයි. විශාල්ගෙ තාත්ත හමුදාවෙ ඉදල යුද්දෙ දවස් වල නැතුවුනා කියල තමයි විශාල් කිව්වෙ විශාල්ගෙ අයිය විශාල්ට වඩා අවුරුදු හතක් විතර වැඩිමල් ඒක නිසා විශාල්ගෙ අයිය වගේම තාත්තත් උනේ අයියා ඒ වගේම විශාල්ගෙ අම්ම පාසල් ගුරුවරියක්...
යශිර එයාගෙ මතකෙ තිබ්බ දේවල් එකින් එක දිග අරින ගමන් වාහනේ ඉස්සරහ වීදුරුව දිගේ ගලන් යන වතුර බින්දු දිහා බලන් ඉදියා....

මුනිල්ම විශාල් එක්ක කතා කරේ යශිර ... ඒත් පලවෙනි දවසෙ විශාල් යාන්තම් හිනා උනා විතරයි... දෙවනි දවසෙ කලින්ට වඩා එයා හිනා උනා.. තුන්වෙනි දවසෙ තමයි විශාල් යශිර එක්ක වචනයක් කතා කරේ... ඒ දවසෙ ඉදන් විශාල්ට යශිර වත් යශිරට විශාල්වත් නැතුවම බැරි තරම් හොද යාලුවො උනා...

ඕලෙවල් කරල ඉවර වෙලා ඒලෙවල් කරද්දි විශාල්ගෙ අම්ම නැති උනේ ඇක්සිඩන්ට් එකකින්.. ඒක විශාල්ට දරාගන්න ගොඩක අමාරු උනේ එයා අම්මට ගොඩක් ආදරේ නිසා.. විශාල් ඒ දුකෙන් කෑ ගහ ගහ අඩද්දි යශිරත් ඒයත් එක්කම ලග ඉදන් කදුලු හැලුවෙ විශාල්ගෙ අම්ම නැති උන දුකටද නැත්තම් විශාල් අඩන නිසාද කියල යශිරට තවම හිතා ගන්න බෑ...

අම්මගෙ මරනෙන් පස්සෙ විශාල් කලින්ටත් වඩා නිශ්ශබ්ද කෙනෙක් වෙද්දි අඩුම ගානෙ විශාල්ගෙ අයියට වත් විශාල්ට ලන් වෙන්න පුලුවන් උනේ නෑ ඒත් යශිරට කවදාවත් විශාල්ව ඈත් උනේනෑ....මොන දේ උනත් දුක සතුට මොකක් උනත් විශාල් හැම දේම යශිරට කිව්ව...

දෙන්නම ඒලෙවල් පාස් වෙලා කැම්පස් සිලෙක්ට් වෙද්දි  යශිර එක කැම්පස් එක්කටත් විශාල් තවත් කැම්පස් එකෙකටත් සිලෙක්ට් උනා...

ඒත් එක්කම අනූශි විශාල් සිලෙක්ට් උන කම්පස් එකටම සිලෙක්ට් උනා....

..............................................................

ටිකෙන් ටික කාලය යද්දි විශාල් එයාගෙන් ඈත් වෙනව කියල තමයි යශිරට දැනුනෙ...
ඒ වෙද්දි යශිර විශාල්ට හිතෙන් ආදරේ කරන්න පටන් අරන් ගොඩක් කල්...
කොයි තරම් ඒ ආදරේ හිතේ තිබුනත් යශිරට කවදාවත් ඒක කියන්න අවස්තාවක් ලැබුනෙ නෑ.. අවස්තාවක් ලැබුනත් එයා ඒක කිව්වෙ නෑ..
යශිර කරපු එකම දේ ඒ හැම හැගීමක්ම හිතේ හිර කරගෙන ඉදපු එක... ඒත් එකම එක දවසක වෙච්ච දෙයක් නිසා යශිරට දැනුන තවත් ඒ හැගීම් දරා ගන්න බෑ කියලා...

ආයිමත් දවසක .Where stories live. Discover now