22 - දැක්ක ද මගේ අභී

894 193 66
                                    

Black Eyes... 22

මගේ කළු ගැඹුරු ලස්සන  දෑස් ඔහේ පියවෙලා ගිහින්... දිගු ඇහි පිහාටු ඇහි බැම තාමත් මගේ වස්තුවගේ මූනට ගෙනාවේ හිත හොල්ලන ලස්සනක්.....මූන ඇදිලා ගිහින් වුනත් කලින් තිබුණු සුදුමැලි ගතිය ගිහින් වගෙයි මට හිතෙනවා...
මම මගේ පපුවට මගේ මැණිකව තුරුළු කරගෙනම හිටියා.. එයාගේ සුසුම් ගොඩක් රස්නෙයි...
ඒවා පපුව මැදට  වදිනකොට මගේ පපුව පිච්චෙනවා වගෙයි මට දැනෙන්නේ....
කොහොමත් දැන් මේ පපුවේ ගන්න දෙයක් නෑ...
පිච්චිලාම කළු වෙලා ගිය හදවතක් මට තියෙන්නේ.... ඊටත් වඩා ජීවිතේ මං ඊලඟට තියන පියවර ගැන මට තියෙන්නේ ලොකු වේදනාවක්....
මාව මේ ලෝකෙට බිහි කරපු දෙන්නා ලඟට අද මං යන්නේ මගේ ආදරේ වෙනුවෙන් වන්දි ඉල්ලන්න...
හොඳින් හරි නරකින් හරි මට ඒ වන්දිය ගන්න වෙනවා..
එහෙම කරලා හරි මං මගේ මැණිකව සනීප කරගන්නවා කියලා මටම පොරොන්දු වුනා...

" හිරුවා.... අපි අභීව කොහෙටද එක්කන් යන්නේ..??"

" එයාගේ හොස්පිටල් එකටම අරන් යන්... මට සල්ලි ප්‍රශ්නයක් නෑ.... අම්මලා මගේ නමට හරවපු ලක්ෂ 80 ක් මගේ පොතේ තියනවා... ඒවා මගේ ඉඩමක් විකුණලා ඉගෙනගන්න දීපු සල්ලි... "

" හරි බන්...."

" අයියේ ඔහොමම නවලෝකෙට යන්..."

නෙතුම් කියද්දී මම අභීගේ නලලට තව හාදුවක් තිබ්බා....
සේරම හරිගියොත් මට සැනසීමෙන් වතුර උගුරක් බොන්න පුළුවන් වෙයි....
පැය එකාමාරකට පස්සේ මම අභී අරන් හොස්පිටල් එකට ආවා... නෙතුම් ගෙනාපු රෝදපුටුවකින් මගේ මැණිකව පරිස්සමෙන් තියලා එයාගේ ඔලුව මගේ බඩට හේත්තු කරගත්තා..ඒ ඇස් තාමත් පියවිලා....
අපි ගියගමන්ම අභීව චෙකප් එකට ගත්තා... 
එයාට ඇඳුමක් අන්දලා ආපහු රෝදපුටුවෙම අරගෙන යද්දී මම මගේ පපුව අල්ලගෙන ආපහු ඇඬුවා...

" අනේ බලපන් බන්.. මගේ මැණික ඉන්න හැටි.. කොහොම හිටපු කොල්ලෙක් ද..??"

" උඹ දැන්ම යනවද හිරුවෝ...???"

" නෑ බන්... කොල්ලගේ තත්වේ බලල තමයි මම යන තැනක යන්නේ..."

ඒත් එක්කම මම එතන අයිනේ තිබ්බ පුටුවකින් නෙතුම් එක්ක වාඩි උනා... පැය බාගයක් විතර මම  ඈත අහස දිහා බලාගෙන ඉන්නකොට මගේ ඉස්සරහින් කවුරුහරි හිටගත්තා... මට ආවේ තරහක් ඒක නිසා මගේ කල්පනාවට බාධාවක් ඇති වුනා..

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now