~=අම්බර 8=~

382 82 91
                                    

'' විශ්ව ගුප්ත ආශ්‍රමය.......... සැබවින්ම විස්මයජනකයි '' ආයුධාන මිමිණුවේ නිමක් නොපෙනන සුන්දර දසුන දෙස නෙත් යොමු කරමිනි.

නිවුන් සොයුරන්ගේ විවර වී ඇති මුව මඩල කාලක්ෂකට ගෙන ආවේ සෝපහාස සිනහවක් වූ මුත් ඔහුගේ සොයුරා නිහක්ෂ නම් වාග්ෂස හෝ ආයුධාන පිළිබද එක් ක්ෂණයක සැලකිල්ලක් නොදැක්වූයේ ය. ඔහුගේ දුර්ලභ ඝන නීල පැහැ දෑස්වල තිබූ එකම ගමනාන්තය නම් පියගැට පෙළ අවසානයේ වූ විසල් ද්වාරය පමණක්ම විය. හෙතෙම තනිව පියවර මැන්නා මිස අන් අය කෙරේ නම් අවධානයක් නොදැක්වූ තරමින් විය.

කළ්‍යාණ තොට කාලරුද්‍ර සිටුපුතුන් දෙදෙනා වන නිහක්ෂගේ හා කාලක්ෂගේ මෙකී අහංකාරය නම් මදකුදු ආයුධානගේ සිතට නොරිස්සයි. කළ්‍යාණ තොට කාලරුද්‍ර සිටුගේ පාලනයේ පැවතියේ යම් සේද ආලකපුරය ද පැවතියේ දෙනිඹුල්ලන්ගේ පියාණන් වූ වාධයූ සිටුගේ ප්‍රාදේශීය පාලනය යටතේ වග මුළු හෙළයටම නොරහසක් විය. ඉදින් රජ විමන වූ මන්ද්‍රා මැදුර තවත් එක් සංකේතාත්මක පාලන තන්ත්‍රයක් පමණක්ම විය.

සීතල මීදුම් ගලා එන පියගැට පෙළ මතින් පය එසවූවන්ගේ දෑස් නිරන්තරයෙන් ගමනාන්තය වෙත ළගා වෙයි. තඹර හා කෙකටියා පිරීගත් පොක්ඛරණී ද කුළෙන් හා මීදුමෙන් වැසී ගොසින් බොදවූ සිතුවම් මැවුවේ ය. ආයුධානයන්ගේ දගකාර උවන වුවද සන්සුන් මන්දස්මිතයකින් වැසී ගත් සෙයකි. අරුමය නම් !! පියගැට පෙළින් පහළ වූයේ මධ්‍යනයය වූ මුත් පියගැට පෙළින් පශ්චිම දී සියල්ලට ඉහළින් සූර්යයාගේ බැසයාමද අහස් වියනෙහි සිත්තම් වෙමින් පැවතීමය විය.

'' අදහාගත නොහැකියි මෙය මුහුර්තගාමී පියගැට පෙළක් !! '' වාග්ෂසගේ මිමිණුමෙහි කැටිව තිබූ විස්මය පිට පැන්නේ සිවුරුහන් හඩකිනි. ඉදින් වාග්ෂස පවසන දෙය නම් ආයුධානට නොවැටහෙයි. සිය සොයුරාගේ දැනුම් සම්භාරය කොතෙක් දැයි හේ දනියි. ආයුධාන සිය මුහුණද නොරිස්සීමෙන් සකසා ගෙන වාග්ෂස දෙස සිය දෑස් යොමු කළේ ඔහු මොහොතකට පෙර පැවසූවෙහි අරුත විමසීමට විය.

'' ඔබ නුදුටුවේ ද යුදවි ? නුඹත් මාත් පියගැට පෙළ තරණය ආරම්භයේ දි එහි වූයේ දිවා සමයයි... නමුත් බලනු අපගේ ගමනාන්තය දෙස.. එහි දැනටද නිශා යාමය උදා වී හමාරයි.. නිසැකයි මෙකී පියගැට පෙළ කාල රිත්කතයක් වග... '' වාග්ෂසගේ පැහැදිලි කිරීමට මෙතෙක් වේලා ඔවුන් නොතකමින් ඉදිරියට ඇදුනු නිහක්ෂ ද සිය පියවර මන්දගාමී කළේ ය. ඔහු හිස ආපසු හැරවීමට වෙහෙස නොවූව ද ඔහුගේ දෑසග බැල්ම නම් මෙවර වාග්ෂස වෙත යොමු වී තිබිණ.

𓀃 අම්බර 𓀃  ( On hold )Where stories live. Discover now