➪11

1.5K 296 126
                                    

" බේබි..ඇයි අද පරක්කු...ජෝසප් කෝල් කරලා ඔයා නෑ කියලා කියද්දි මං හොඳටම බය වුනා.."

ජිමින් රෑ හතත් පහුවෙලා ගෙදරට ඇතුලු වෙද්දි ජිමින්ගෙ නැනී සෝරා කලබල වුනු ස්වභාවයෙන් ප්‍රශ්න කලා.ජිමින්ගෙ මූණෙ තිබුනෙ තෙහෙට්ටු බවක්.

" පොඩි වැඩක් වැටුණා නැනී..මට මහන්සියි..ඒ වගේම බඩගිනියි..මං ඉක්මනින් වොෂ් කරගෙන එන්නම්..කන්න මොනා හරි හදන්න.." ජිමින් බෑග් එකත් එල්ලගෙන උඩු මහලෙ තිබුන එයාගෙ කාමරේට යන්න කලින් මිස් සෝරා දිහාවට හැරිලා කිව්වා.

" හරි බේබි..."

ජිමින් එයාගෙ කාමරේට ඇවිත් දොර වහලා දාලා බෑග් එක ඇඳ උඩට විසි කරලා ඇඟේ තිබ්බ ආභරණ ගලවලා ඩ්‍රසින් ටේබල් එක උඩින් තියලා නාන කාමරේට ආවා..

නාන කාමරේ තියෙන විශාල කණ්නාඩිය දිහා බලාගෙන හිටිය ජිමින් එයා ඇදගෙන හිටිය ඇඳුම් එකින් එක ගලවලා බිමට දාලා රතු පාට පැල්ලම් කිහිපයක් පමණක් ඉතිරි වෙලා තිබුන තමන්ගෙ නිරුවත් සිරුර දිහා බලාගෙන හිටියෙ මදි කමකින්.

' හැමදාම ඔයාට වැඩ වැටෙන්නෑනෙ ප්‍රොෆෙසර්.. හෙට අදට වඩා වෙලාවක් ඔයා මට වෙන්කරයි..'

විශාල අත් සලකුණක් රතු පාටින් ඉතිරි වෙලා තියෙන තමන්ගෙ පිටුපස ඇඟිලි තුඩු වලින් ස්පර්ශ කරමින් ජිමින් තරයේ හිතාගත්තා.

~~~~~~~~~~~~~~~~~~~~~

" ජිමිනා..උබ පරක්කුයි.."

ජිමින් එනකම් යුනිවර්සිටි එකේ බෙන්ච් එකකට වෙලා බලාගෙන හිටිය ටේහ්‍යුන්ග් අත් ඔරලෝසුවෙන් වෙලාව පිරික්සමින් ඇහුවා.

" මට ටිකක් වැඩිපුර නින්ද ගියා..උබ කාලද ඉන්නේ..?" ටේහ්‍යුන්ග් එක්ක ඉක්මන් අඩි තියමින් කොරිඩෝවට පිවිසුන ජිමින් ඇහුවා.

" බ්‍රෙක්ෆස්ට් ගත්තා..ඒත් තාම බඩගිනියි.."

" තව විනාඩි පහකින් ලෙක්චර් එක පටන් ගන්නවනෙ..සෝ මං ගෙනාව සැන්ඩ්විච් එක කාලවත් ශේප් වෙමු.."

" ම්ම්..."

දෙන්නත් එක්කම දේශන ශාලාවට ඇවිත් වෙනදට වාඩි වෙන පිටිපස්සෙම පේළියට ඇවිත් වාඩි වුනා..

Professor Jeon | Jikook | On Hold Where stories live. Discover now